
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රසායනික පොහොර තහනම් කිරීම නිසා වතු ක්ෂේත්‍රය කඩා වැටුණා.සියයට දහයට තිබූ ආදායම් බද්ද වැවිලිකරුවන්ට සියයට 30 දක්වා වැඩි කළා.එය කළේ රනිල්ගේ ආණ්ඩුවෙන්.මේ නිසා වතු ක්‍ෂේත්‍රය පාඩු ලබන තැනට ආවා. මෙහෙම ගියොත් වැවිලි ක්ෂේත්‍රය කඩා වැටේවි.දැන් බදු නොමැතිව පොහොර ටිකවත් ලබා ලබාදෙන්න.මේ වන විට තේ කර්මාන්ත ශාලා 237 ක් වැහිලා ගිහින්.
මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරා දහවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහ වතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්.දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන්න
දැන් දුබල නේ
හොරුන්ගෙන් බඩු ගන්නකොට බොහෝ විට ලැබෙන්නේ හොර බඩු බව දන්නේ නැද්ද?
බර බාල ඇමතිලා ලංකාවට ඕනි නෑ. ඔය කියන මනුස්සයා තරම් දුබල මිනිහෙක් නෑ. ඇමතිලා නම් ජනතා සේවකයෝ එච්චරයි. උතුමාණන්ලා, ප්‍රබලයෝ හිටපු කියලා ඉවරයි. අපේ ඡන්දේ අරගෙන පාර්ලිමේන්තු යනවා නම් අපිට සේවය කරන්න ඕන අවංකව.
ඉඩමක් ගන්නකොට ඉඩම පිරිසිදු ද කියල බලන්න ඉඩම් කච්චේරියෙන් හොයල බලන්න වෙනවා. වාහනයක් ගන්නකොට මෝටර් වාහන එකෙන් හොයල බලන්න වෙනවා. කසාදෙට බිරිඳක් හොයනකොට පිරිසිදුභාවය හොයාගන්නේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?