ගාල්ල පැරණි තැපැල් කාර්යාලය කඩා ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්
ගාල්ල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටිමෙන් පසු තවත් කොටස් කඩාවැටි මහජනයා හිරිහැරයට පත්විමේ අවදානමක් පවතින නිසා එම අනතුරුදායක කොටස් ජනවාරි (6) වන දිනට හෝ එදිනට පෙර ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට,ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (19) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.