වර්ෂාවෙන් මොණරාගල පවුල් 587ක් අවතැන්
පසුගිය දින දෙක තිස්සේ නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම
වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා අද (21) දහවල් වනවිට පවුල් 587ක 2335 දෙනෙකු
අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර
මහතා පැවසිය.