රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක් රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත. 23 December 2019
වසා දැමූ පොළොන්නරුව - මඩකලපු මාර්ගය විවෘත කරයි ගංවතුර හේතුවෙන් තෙදිනක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ අද (23) සිට වාහන ගමනාගමනය සඳහා එම මාර්ගය විවෘත කළ බව පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානයක්කාර මහතා පැවසීය. 23 December 2019
නාය යෑමේ අවදානමෙන් රත්තොට කළුගල් කැඩීම තාවකාලිකව නවත්වයි පවතින අධික වර්ෂාව නිසා නාය යෑම් සහ ගල් පෙරලිමේ අවදානමෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කළු ගල් කැණීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය. 23 December 2019
පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇතිද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23) වාර්තාවක් කැදවන බව ජාතික පොලිස් කොමිසම කියයි. 22 December 2019
ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක් යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි. 22 December 2019
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති වෛද්‍ය උත්පල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කරනු ලැබ සිටියි. 22 December 2019
පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්‍යක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්රීැ බෝසෙත් කළහේපතිරණ මහතා අද (22) පස්වරුවේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 22 December 2019
ලක්ෂ 75 ක මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙක් එස් ටී එෆ් දැලේ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හොරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද (22) බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 22 December 2019
ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,840 කට අයත් 64,608 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2019
පස්සර - ලුණුගල මාර්ගය වහයි බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල අතර මාර්ගය අද (22) සිට සම්පුර්ණයෙන්ම වසා තැබන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදයකුමාර මහතා පැවසිය. 22 December 2019
වී අලෙවි මණ්ඩල සතු වී වී මෝල් වලට මුදා හරිනවා වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කිරීම සදහා වී මෝල්වලට මුදාහරින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද (22) පැවැසීය. 22 December 2019
තවත් රාජ්‍ය ආයතන දෙකකට සභාපතිවරු දෙදෙනෙක් තවත් රාජ්‍ය ආයතන දෙකක් සඳහා සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත. 22 December 2019
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට යයි අර්ධ සුඛෝපභෝගී (Semi Luxery) බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 December 2019
නීතී විරෝධිව තාරකා ඉබ්බන් රට යවන්න හැදූ තිදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ තාරකා ඉබ්බන් 100 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පල්ලම පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 22 December 2019
උත්සව සමයේ ගම්බිම් බලා යන්න අමතර ප්‍රවාහන පහසුකම් එළඹෙන උත්සව සමයේදී සිය ගම්බිම් බලා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සදහා අමතර ප්‍රවාහන සේවාවන් යොදවා ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 22 December 2019
මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 22 December 2019
‘අධ්‍යාපනය රැකගන්න ටියුෂන් අහෝසි කරන්න’ ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ ‘ලංකාදීප’ යට අද(22) පැවැසූහ. 22 December 2019
වැස්සෙන් මඩකලපුව-කොළඹ දුම්රිය 3 ක් නවතී අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථාන සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සේවා 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති. 22 December 2019
ටෙලර් යන්ත්‍රයකින් ලක්ෂ 16ක් සොරාගත් අයෙක් අත්අඩංගුවට කිරුළපන, පොල්හේන්ගොඩ හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ටෙලර් යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් 1,633,500 ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු අද(22) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. 22 December 2019
කුඩා ට්‍රක්-මදුරුවා යතුපැදි සඳහා තාවකාලික සහනයක් බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකල එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ මදුරුවා යතුරු පැදි අත් අඩංගුවට ගෙන නඩු පැවරීම තාවකාලිකව නතර කරන ලෙසට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) පැවසීය. 22 December 2019
කාලගුණයෙන් රතු නිවේදන දිවයිනේ පළාත් ගණනාවකට බලපා ඇති වැසි තත්ත්වය අද (22) සහ හෙට (23) දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 22 December 2019
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2019
වැස්සෙන් මාතලේ පවුල් 484 ක් අවතැන් දින කිහිපයක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (22) උදැසන වන විට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පවුල් 484ක පුද්ගලයින් 1592 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය. 22 December 2019
දුන්හිඳ මාර්ගය යළි විවෘත කරයි මාර්ගයේ අනාරක්ෂිත බව නිසා දින දෙකක් වසා දමා තිබූ දුන්හිඳ දියඇල්ලට ප්‍රවේශ වන මාර්ගය අද (22) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය. 22 December 2019
දඹුල්ලේ අර්තාපල්-ලොකු ලූනු ජාවාරමට දැඩි නීතී කිසිදු ලියාපදිංචියකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙපස ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් පකිස්තාන ජාතිකයන් සමග එක්ව සිදු කරගෙන ගෙන යන අර්තාපල් සහ ලොකු ලූනු අලෙවි කිරීමේ මාෆියාවට දැඩි නීති ක්‍රියාත්මක කරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. 22 December 2019
පස්සර ලුණුගල ප්‍රධාන මාර්ගයේ නාය යාමක් සක්‍රීය වෙයි පස්සර-ලුණුගල මාර්ගයේ මිල්ලඔය පාලම අසළ නාය යාමක් සක්‍රිය වී ඇතැයි ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය . 22 December 2019
වන්දනාවේ ගිය තරුණයෙක්ට දිවියෙක් පහර දෙයි කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසකගෙන් තරුණයකුට යාල අභයභූමිය ආශ්රිත ගල්ගේ හන්දිය ප්‍රදේශයේ දී දිවියකු පහරදීමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. 22 December 2019
ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතාවලින් 19ක් මරුට පසුගිය දෙසැම්බර් 11වනදා පාර්ලිමේන්තුව පුරවැසි නීතිය සම්මත කළ දින සිට මේ දක්වා ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 19දෙනකු මියගොස් ඇති බව ඉන්දිය බලධාරීහු පවසති. 22 December 2019
ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය ඊයේ(21) නියෝග කළාය. 22 December 2019
පාඨලී බලන්න සජිත් යයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැඩිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. 21 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026