(කාංචන කුමාර ආරියදාස)
කිසිදු ලියාපදිංචියකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙපස ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් පකිස්තාන ජාතිකයන් සමග එක්ව සිදු කරගෙන ගෙන යන අර්තාපල් සහ ලොකු ලූනු අලෙවි කිරීමේ මාෆියාවට දැඩි නීති ක්‍රියාත්මක කරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
මෙම නීතීය හෙට ( 23) සිට ක්‍රියාත්ම කෙරෙන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය මගින් දඹුල්ල මහ නගර සභාවට දැනුම් දී ඇත්තේ මධ්‍යස්ථානය දෙපස පෞද්ගලික ගබඩා ඉදිකර ඒවායේ විවිධ අක්‍රමිකතා සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට සැක පළවී තිබෙන බවත් කෙසේ වෙතත් කිසිදු වෙළඳ බලපත්‍රයකින් තොරව නගර සභාවේ ලියාපදිංචියකින් තොරව පාකිස්තානයෙන් සහ තවත් රටවල් කිහිපයක ව්‍යාපාරිකයන් පැමිණ මෙහි ගනුදෙනු කටයුතු සිදු කරන බවය.
ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර සහ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නගර සභාවේ නිලධාරීන් මෙම ස්ථාන පරීක්ෂාවට පැමිණියහ.
නගරධිපතිවරයා ඇතුළු කණ්ඩායම පැමිණෙන විට පෞද්ගලික ගබඩා වල අර්තාපල් අල සහ ලොකු ලූනු කන්ටේනර් මගින් ගෙන්වා අලෙවි කිරීම සහ බාන අයුරු දර්ශනය වූ අතර ප්‍රධාන මාර්ග කාණු පද්ධති සියල්ල හරස් කොට විනාශ කර දමා ඇති අයුරු ද නිරීක්ෂණය විය.
එමෙන්ම එම අවට ප්‍රදේශය ද දැඩි අපවිත්‍ර සහිත පවත්වාගෙන යන ආකාරයද නගරසභා නිළධාරීන්ගේ අධීක්ෂණයට ලක් විය.
මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයන්ගේ අනුගාමිකයන් සමඟ සාකච්ඡා කිරීමේදී එක ගබඩාවකට හැර අනෙකුත් සියලු ගබඩා වලට කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොමැති බව අනාවරණය විය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ රජයට බදු මුදල් ගෙවා ප්‍රදේශයේ ගොවි ජනතාව සමග එක්ව ආර්ථික මධ්‍යස්ථානය තුළ කටයුතු කරමින් සිටින ව්‍යාපාරිකයන්ට පවා මෙම කිසිදු බලපත්‍රයකින් තොරව සිදු කෙරෙන වෙළඳාම නිසා විශාල හානියක් සිදු ව පවතින බවය.
මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් කියා සිටියේ පාකිස්තානය ඉන්දියාව ආදී වෙනත් රටවල් ගණනාවක නියෝජිතයන් පැමිණ රටට ලැබිය යුතු ආදායම ඉතා රහසිගතව එම රටවලට රැගෙන යෑමේ ක්‍රමවේදයක් ද මෙහි ක්‍රියාත්මක වන බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නළුවා නින්දෙන් ඇහැරිලා වගේ.. කට්ටිය මෙච්චර දවසක් උඩ බලාගෙන උන්නද පාර දෙපැත්තේ කඩ හදා ගන්නකම්? කාලෙකට පී.එච්.අයි ලා එක්ක ගිහින් කඩවලට පැනලා වළං පෙරලනවා.. තව කාලෙකට කාණු සුද්ද කරනවා. ඇත්තටම වැඩක් කරන්න ඕනේ නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නා නම් ඉවරයිනේ..
රටේ නායකයා ආදර්ශමත් වුණාම අනෙක් නායකයිනුත් නිකන්ම ආදර්ශමත් වෙනවා. නැතිව.. මේ ජාවාරම අද ඊයේ පටන්ගත්ත දේවල් නෙවෙයිනේ. අනික ඔය නගරාධිපතිත් දැන් සෑහෙන කාලයක් නගරාධිපති විදිහට ඉන්නවනේ..!!
මෙපමණ කලක් ඔය ජාවාරම කරගෙන ගියා... ලොකු මහත්තයා නාරාහේන්පිට ගිය නිසා දැන් ලකුණු දාගන්න එපා..
පරිස්සමෙන් අත ගහන්නේ... මේවා පිටුපස අදෘශ්‍යමාන බලවේග බොහොමයක් තියනවා.
මේ නගරාධිපතිට දැන්ද මේවා මතක් වුනේ? මෙච්චර කල් මෙයා කොහෙද හිටියේ..?
මේ හොර ජාවාරම් පටන් ගන්න ඇත්තේ දවස් දෙක තුනකට කලින් වෙන්න ඕනෑ. නැත්නම් මෙච්චර නගරාධිපතියෙක්, මන්ත්‍රීලා, කොමසාරිස් කෙනෙක් ඇතුළු මහපිරිසක් මැද්දේ පාකිස්තාන්කාරයින් කොහොමද මේවා කරන්න ඇත්තේ...? රේගුවෙනුත් දැනට සති දෙකකට කලින් ලොකු ළූණු අපනයනය තහනම් කළා. මේ සියල්ල බාරව වෙළඳ අැමැතියලා, අපනයන අැමැතියලා, ප්‍රවර්ධන අැමැතියලා, ආර්ථික අැමැතියලා.. මගේ අම්මෝ කී දෙනෙක්ද? හැබැයි පාකිස්තාන්කාරයින් අගේට වැඩේ ගෙනියනවා. ඔන්න අපේ පාලකයෝ, ඔන්න අපේ නිලධාරින්.. .
අපේ රටේ අයට පාකිස්ථානයට ගොස් ව්‍යාපාර කිරීමට එරට නීතියෙන් ඉඩ තිබෙනවාද? එරට වැසියන් ඉඩ දෙනවාද? ඉඩ ලැබෙන්නේ නැත. එසේනම් මෙරටට පැමිණ විදේශිකයින්ට ව්‍යාපාර කිරීමට ඉඩදෙන්නේ ඇයි? නගරාධිපති ජාලිය ඕපාත මහතා පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයින්ගේ අනුගාමිකයින් සමඟ සාකච්ඡා කරන්නේ මොන බම්බුවකටද? ඔවුන්ට ව්‍යාපාරික කරන්න සිංහලයින් ඉඩදෙන්නේ මොකද? නයාව කොහෙද දාගෙන කනවා කනවා කියන්නේ මේකට තමයි.
නිකන් බොරු එපා හලෝ. ඔය වෙළෙඳාම පටන් ගත්තේ කොයි කාලේද? නගරාධිපති වෙලා කොච්චර කල්ද? මෙතෙක් දවස් නිදාගෙන හිටියාද? මෙතෙක් දවස් කොමිස් කීයක් හම්බ වුණාද? මෙහෙ වැඩ පටන්ගන්න කොට දන්නවා ඔය පැත්තටත් බැල්ම දායි කියලා. එන පොට හොඳ නැහැ... කෙල්ල ගෙටගනින් කිව්වා වගේ වේලපහින්ම ලකුණු දාගන්න බැලුවා නේද? රැවටීමට වැඩි ආයුෂ නැහැ. ජනතාව දන්නවා පොල් පැලේ නොකන්න හරක් බඳින්න.