( ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්පත් 5 ක් තිබී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ජංගම දුරකතන හා සිම්පත් සොයාගෙන ඇත.
සැකකාර තානාපති කාර්යාල නිලධාරිනිය සතුව ජංගම දුරකතන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මෙම සෝදිසිය කර තිබිණි.
ජංගම දුරකතන හා සිම්පත් 5 වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. සැකකාර තානාපති කාර්යාලය නිලධාරිනිය 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාවගේ කට්ටකම් නම් ඉවරයක් නැත.
මැයගේ බලාපොරොත්තු ඉටුවෙමින් පවතිනවා. බලන්න මැය එළියට ආ ගමන් නවතින්නේ ස්විට්සර්ලන්තේ... මොනවද ඔට්ටු...?