‘චීනයේ සිට ආ සිසුන් ගෙදර යවන්න’ චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් නිවෙස්වලට යෑමට නොදී විශේෂිත ස්ථානයක රඳවා තබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්(මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය. 30 January 2020
නිකවැරටියේ දැරියට පහරදුන් කතුන් තවදුරටත් රිමාන්ඩ් - පියාට ඇප කොටවෙහෙර නිකවැරටියේදී බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ග්‍රාම නිලධාරීනිය සහ දැරියගේ සුළු මව ලබන 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියෝග (30) නියෝග කළාය. 30 January 2020
දකුණේ උත්සව සීමා කෙරේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මහජනයා වැඩිපුර රැස්වන ස්ථානවල පැවැත්වෙන උත්සව සීමා කිරිමටත් පෙබරවාරි 21 සහ 22 දිනවල මිරිස්ස මහ විදුහලේ පැවැත්විමට නියමිතව තිබු දකුණු පළාත් පාසල් සිසුන්ගේ පරිසර කඳවුර දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.යූ.වේලාරත්න මහතා පැවසීය. 30 January 2020
‘මියන් කුමාර’ට කෘෘර ලෙස නොසලකන්නැයි ඉල්ලයි වසර 6 කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘ මියන් කුමාර නැමැති හස්තියාට කෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලා මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් මියන්මාර ටයිම්ස් පුවත්පත අද (30) වාර්තා කළේය. 30 January 2020
උණ රෝගයක් පැතිර යාමෙන් ශ්‍රී පාද විද්‍යා පීඨය වසා දමයි හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට (30) දින උපදෙස් දි ඇත. 30 January 2020
වූහාන් හි සිරවී සිටින සිසුන්ට ආහාර කොළඹින් වූහාන් හි දැනට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින්, එම ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් ඔවුන්ට සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 30 January 2020
තවත් රටවල් 5ක් චීන ගුවන් ගමන් නතර කරයි චීනය පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට කෙරෙන සිය ගුවන් ගමන් තාවකාලිකව නතරකිරීමට තවත් රටවල් 5ක් පියවර ගෙන තිබේ. 30 January 2020
රජයේ රෝහල්වලට ඇඳන් හදන්න කොලොන්නාවේ කම්හලකට අවසර රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නතර කර ඒවා නිෂ්පාදනය කිරීම කොලොන්නාවේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ බලධාරීන්ට අද (30) වැනිදා උපදෙස් දුන්නේය. 30 January 2020
‘වූහාන්හි සිටින අපි අසරණ වෙලා’ හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා වී.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියාසිටියේ දැඩි අවදානම් කලපයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා තනාපති කාර්යාලයෙන් මේ වනවිට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. 30 January 2020
චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සංස්ථාවට කෝටි පහක පොල්ලක් චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ගෙවා නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 30 January 2020
නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට පැවති රජය විසින් පියවා නොමැති ගෙවීම් සිදුකිරිම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය. 30 January 2020
ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් වහයි චීනය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සුප්‍රකට ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ. 30 January 2020
රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks) ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත. 30 January 2020
පාසල් සිසුන්ට මුඛවාඩම් නිර්දේශ කර නෑ කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පාසල් සිසුන්ට මුඛ ආවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අධ්‍යාපන අමාත්‍යංශය හෝ මෙතෙක් කිසිදු උපදෙසක් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර නැතැයි වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පැවසීය. 30 January 2020
එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. 30 January 2020
කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හැකි වී තිබේ. 30 January 2020
වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 29 January 2020
රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් හෙට පොලිසියට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කිරීම සඳහා එම හඬපට වල පිටපත් හෙට (30) පොලිසිය වෙත ලබා දීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 29 January 2020
තරුණ පාර්ලිමේන්තු මැතිවරණය මෙවර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තරුණ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 356 දෙනෙකු තෝරාගැනීම සදහා වන ‘තරුණ පාර්ලිමේන්තු මැතිවරණය 2020’ පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වෙන අතර මෙවර එය ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය යටතේ පැවැත්වෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 29 January 2020
බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවේ සංචාරයේදී ගුවන්තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු යැයි එරට විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටී. 29 January 2020
ගුවන් සමාගම් හතක් චීන ගුවන් ගමන් නවත්වයි මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් අද (29) නිවේදනය කළේය. 29 January 2020
විදුලිසැර වද්දවා ඝාතනය කර වලදැමූ වල්අලියාගේ සිරුර ගොඩගනී විදුලි සැර වද්දවා ඝාතනය කර හම්බෙගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වලදමා තිබූ බව කියන වල් අලියකුගේ සිරුර වැල්ලවාය අධිකරණයේ මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතාගේ නියෝගයකට අනුව අද (29) වනජීවි නිලධාරීන් ගොඩගනු ලැබූහ. 29 January 2020
විපක්ෂ නායකවරයාගෙන් යුතු නව සන්ධානයක් 31ට පෙර ප්‍රකාශ කරනවා විපක් ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ජනවාරි 31 ට පෙර රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය. 29 January 2020
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය. 29 January 2020
සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට වඳුරඹ ප්‍රදේශයේ විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 29 January 2020
තිලිණ ගමගේ ඇතුළු සිව් දෙනකුට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25 ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් දුන් නියෝගය පෙබරවාරි 5 වැනිදා දින තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කළේය. 29 January 2020
මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් වෙළදපොළෙහි විකිණිම සඳහා ඇති මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය අද (29) තීරණය කර තිබේ. 29 January 2020
චීනය දින දෙකකින් ඉදි කළ ’කොරෝනා’ රෝහල විවෘතයි කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල අද විවෘත කෙරිණි. 29 January 2020
නවදිල්ලිය - ෂැංහයි ගුවන් ගමන් නවතී කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නවදිල්ලිය සහ චීනයේ ෂැංහයි නුවර අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය ගුවන් සේවය තීරණය කර තිබේ. 29 January 2020
පාඨලීගේ රියැදුරුගෙන් රහස් ප්‍රකාශයක් රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු තුසිත දිලුම් කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නිල මැදිරියේදී අද(29) රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. 29 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026