රන්ජන් 12 දා තෙක් යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය. 29 January 2020
කොරියාවේ ඉන්න ලාංකිකයන්ට මාස 6 ක පොදු සමා කාලයක් කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මාස හයක පොදු සමා කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. 29 January 2020
‘දෙනුවර මැණිකේ’ 2 දා සිට දිනපතා පෙබරවාරි 2 වැනි දින සිට දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ කොටුව- බදුල්ල අතර දිනපතා ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 29 January 2020
‘කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්රය දැනුම්වත් කළා ‘ කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්රයේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් , සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (29) පැවසීය. 29 January 2020
‘චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස වැඩ නතර කිරීමට නොවේ’ රාජ්‍ය නිළධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදුකරමින් සිටින වැඩ නතර කිරීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පැවසීය. 29 January 2020
‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුමක් තියෙනවා‘ රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය. 29 January 2020
සීඅයිඩීය රනිල්ගෙන් ප්‍රකාශයක් ලබාගනී පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ. 29 January 2020
රනිල් - සජිත් විශේෂ හමුවක් පස්වරුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද(29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 29 January 2020
සැකකරුවන්ට බලපෑම් කළැයි හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැයි සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා නිලධාරීන් වන අනුර තුෂාර මෙන්ඩිස් සහ කිත්සිරි ගාමිණි යන දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය. 29 January 2020
බස් රථයකින් ඇද වැටී සිසුවෙක් රෝහලේ බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ දී පෞද්ගලික බස් රථයකින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ පාසල් සිදුවෙකු අද (29) බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. 29 January 2020
ගුරු - විදුහල්පතිවරු විරෝධතාවකට සැරසෙති සිය ඉල්ලීම්වලට පෙබරවාරි 3 වැනි දිනට පෙර ප්‍රතිචාර නොලැබුණහොත් පෙබරවාරි 14 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ගුරු විදුහල්පති එකතුව තීරණය කර ඇත. 29 January 2020
‘ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’ චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය . 29 January 2020
කොරෝනා රෝග ලක්ෂණ කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට චීනයේ 132 දෙනකු මියගොස් 6000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මුළු ලෝකයේම අවධානය කොරෝනා වෛරසය වෙත යොමුවී තිබේ. එමෙන්ම මෙම වෛරසයේ නම ඇසූ පමණින් මිනිසුන් තැති ගැන්මකට ලක්වීම එහි ඇති භයානකත්වය කැඩපතක් මෙන් දිස්වේ. 29 January 2020
මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක් තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ අද (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 28 January 2020
රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. 28 January 2020
බදුල්ලේ වෛද්‍යවරු නළල රැළි නංවති චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 January 2020
චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කර ප්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි. 28 January 2020
අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන ලෙසට එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් රෝහල් අධ්යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරයි. 28 January 2020
චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය. 28 January 2020
බම්බලපිටියේ ආයතනයකින් ලක්ෂ 10 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ 10 ක දේශීය සහ විදේශීය මුදල් සොරා ගත් පුද්ගලයා වව්නියාවේදී අද (28) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය. 28 January 2020
දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණයට රජය සැරසෙයි දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 28 January 2020
කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලීය දූලි අංශු ඉහළට කොළඹ නගරය ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 28 January 2020
ලක්ෂ 10ක වල්ලපට්ටා රට පටවන්න හැදූ දෙදෙනෙකු දැලේ විදේශ රටකට නීතිවිරෝධී ලෙස රැගෙනයාම සඳහා සූදානම්කර තිබූ රුපියල් 1,000,000ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 72 සමඟ දෙදෙනෙකු මන්නාරම, අඩම්පන්, සන්නා ප්‍රදේශයේදී අද(28) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 28 January 2020
ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක් නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ. 28 January 2020
විග්නේෂ්වරන් ඇතුළු 4ට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියමවෙයි අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ලබන මැයි 18 , 19 සහ 20 යන තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය (28) දින නියම කළේය. 28 January 2020
විදුලි රැහැන නඩත්තු කරමින් සිටි කාර්මිකයා ලොරියේ ගැටී මරුට බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ අපරීක්ෂාරී අන්දමින් පැමිණි ලොරි රථයක් නඩත්තු කරමින් තිබූ විදුලි රැහැනක පැටලීම හේතුවෙන්, ඉණිමගෙහි සිටි විදුලි කාර්මිකයෙකු බිම ඇද වැටී අද(28) මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 28 January 2020
‘වූහාන් හි සිසුන් 30 දෙනා ගෙන්වා ගැනීමට නොහැකියි’ කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (28) පැවසීය. 28 January 2020
කොරෝනා වෛරසය වැළඳුණ චීන කත සිටි හෝටල් පරීක්ෂාවට නව කොරෝනා වෛරසය වැළඳුණ චීන ජාතික කාන්තාව රැඳි සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හෝටල් ඇතුළු අනෙකුත් ස්ථාන පිළිබඳව සොයා බැලිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ චන්දිම සිරිතුංග මහතා අද(28) පැවසිය. 28 January 2020
චීනයේ ලාංකික සිසු සිසුවියන් ලංකාවට ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක් චීනයේ වූහාන් නගරයේ සිට පැතිරෙමින් පවතින නව කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සදහා 100% නොමිලේ සහන ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසුවාය. 28 January 2020
“ලංකාවේ සතුන්ගෙන් ‘කොරෝනා’ බෝවෙන්නේ නෑ’’ චීනයේ කොරෝනා වෛරසය මුල් වරට සතුන්ගෙන් පැතිර ගියද ඉන් පසුව පැතිර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බවත්, ලංකාවේ සතුන්ගෙන් මෙම වෛරසය බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය සඳහන් කළාය. 28 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026