සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනකු ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය. 31 January 2020
ඉන්දීය ගුවන් යානයක් වූහාන් බලා පිටත්වෙයි එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් නව කෙරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශය බලා පිටත්විය. 31 January 2020
නාවික හමුදාවෙන් සතියක පොදු සමා කාලයක් පෙබරවාරි 4 වන දින සිට පැවැත්වෙන ජාතික නිදහස් දින උලෙළට සමගාමීව සතියක් පුරා නාවික හමුදාව විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක සූරියබණ්ඩාර මහතා පැවසීය. 31 January 2020
'හෙට සිට සතියක් ජාතික ධජය ඔසවන්න' ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට(01) සිට සතියක් පුරා සෑම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන මෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටී. 31 January 2020
ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 31 January 2020
ගුවන්තොටුපොළ මගීන් සඳහා නව බස් සේවයක් කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය . 31 January 2020
චීනයේ සිරවී සිටි තවත් සිසුන් 48 ක් ලංකාවට චීනයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටියදී නව කොරෝනා වෛරසයට මැදිවී මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 31 January 2020
එජාප පිල් දෙක දෙපැත්තට අදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය තවත් උග්‍රවී ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිල සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද වර්ජනය කළේය. 31 January 2020
පොදුජන එක්සත් පෙරමුණ - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙයි පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත. 30 January 2020
අගමැති අපේක්ෂකත්වය-සන්ධාන නායකත්වය සජිත්ට ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) තීරණය කළේය. 30 January 2020
වූහාන් වලට විශේෂ ගුවන් යානයක් යවන්න අවසර ඉල්ලයි කොරෝනා මාරාන්තික වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ වූහාන් නගරයට විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා චීන රජයෙන් අවසර ඉල්ලා ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය. 30 January 2020
බණ්ඩාරගමින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 200 ඉක්මවයි බණ්ඩාරගමදී පොලිසිය අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 192 කේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව පොලිසිය පවසයි. 30 January 2020
‘‘චීනයේ සිට ආ සිසුන් දියතලාවට රැගෙන ඒමේ තීරණයට විරුද්ධයි‘‘ චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් දියතලාවට රැගෙන ඒමට රජය ගෙන ඇති තීරණයට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (30) පැවසීය. 30 January 2020
ඩුබායි වලින් පිටුවහල් කළ 5 දෙනා මහේස්ත්‍රාත් හමුවට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරිමෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින සැකකරුවන් පස් දෙනෙකු අධිකරණ නිරීක්ෂණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද (30) ඉදිරිපත් කළහ. 30 January 2020
වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය. 30 January 2020
සැලසිනේ මූල්‍ය වංචාවේ විමර්ශන ගොනු ජනාධිපති කොමිසන් සභාවට සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ විමර්ශන ගොනු ජනාධිපති කොමිසන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (30) සඳහන් කළේය. 30 January 2020
නීතිපතිගෙන් ඇවන්ට් ගාඩ් නඩුවට සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතීපතිවරයා අද (30) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. 30 January 2020
‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළැයි ලියවිලි ලැබී නෑ’ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කළ බවට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ කිසිවක් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹ දී අද (30) පැවසීය. 30 January 2020
ඉන්දියාවෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වෙයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවකට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරගෙන තිබේ. 30 January 2020
බ්‍රිතාන්‍යය, චීනයට යන ගුවන් ගමන් මාසයක නවත්වයි නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට යන සියලුම ගුවන් ගමන් මාසයක් යන තුරු අවලංගු කිරිමට බ්‍රිතාන්‍ය ගුවන් සමාගම තීරණය කර තිබේ. 30 January 2020
‘සුනාමි’ චිත්‍රපටයට එරෙහිව යන අපහාසාත්මක ප්‍රචාර වලට වාරණයක් ‘සුනාමි’ චිත්‍රපටයට එරෙහිව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලාවන් හා මුහුණු පොත හරහා කරගෙන යන අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාර වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ගල්කිස්ස දිසා විනිසුරු චන්දිමා ප්රභාකුමාරි දෑල මහත්මිය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී. 30 January 2020
ගත වූ සිව් දින තුළ චීනයේ සිටි ලාංකික සිසුන් 559 ක් ලංකාවට ඇවිත් චීනයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 559 දෙනෙකු ගතවූ සිව් දින තුළදී මෙරටට පැමිණ ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. 30 January 2020
කතගේ හිරිඔතප් බින්දැයි කොස්තාපල්වරු දෙදෙනකුට සිරදඬුවම් කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම කාන්තාවට රුපියල් ලක්ෂ 2ක වන්දි මුදල් ගෙවීමට ද නියම කළේය. 30 January 2020
කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ අය අතර ලාංකිකයෙකුත් චීනයේ පැතිරෙන කොරෝනා කාණ්ඩයේ වෛරසය සම්බන්ධව වැරදි තොරතුරු සහ මිත්‍යා මත රාශියක් ගෝලීය වශයෙන් සංසරණය වන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි. චීනයේ මිලියන 11ක ජනතාවක් මියයන බවට අසත්‍ය මත ව්‍යාප්ත කළ බව කියන ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන්ද කරුණු වාර්තා වී තිබේ. 30 January 2020
‘කොරෝනා ආපදා තත්වයක් පැමිණියොත් පැය 24ම වැඩකරන්න සූදානම්’ කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය 24ම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සූදානම් යැයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. 30 January 2020
සංවර්ධන නිලධාරි සේවා සංගමයෙන් රාජ්‍ය පරිපාලන ඇමැතිට ලිපියක් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ දී උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා පෞද්ගලික, රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය අංශවල රැකියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශ ලබාගැනීමේ කොන්දේසිය ඉවත්කරන්නැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. 30 January 2020
සිංහරාජ පිවිසුම ගැන පැමිණිල්ලකට විශේෂ විමර්ශන කණ්ඩායමක් එයි ලෝක බැංකු ආධාර මත පරිසර හානියක් සිදු කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිංහරාජයේ පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ලෝක බැංකුවේ තිදෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (30) සහ ඊයේ (29) සිංහරාජය ආශ්රිත කුඩව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 30 January 2020
රෝසි-ඉමිතියාස් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවතට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සහ හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 30 January 2020
‘හුබෙයි සිට එන්න එපා’ චීනයේ හුබෙයි පළාතේ ජීවත්වන චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 January 2020
‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළත් බහුතරය වෙනුවෙන් පෙනී සිටිනවා’ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කළද තමා පක්ෂය ආරක්ෂා කර ගනිමින් බහුතරයේ හඬ වෙනුවෙන් පෙනීසිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මහතා ලංකාදීපයට පැවසීය. 30 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026