වෙළදපොළෙහි විකිණිම සඳහා ඇති මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය අද (29) තීරණය කර තිබේ.
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණන ලබන බවට පළවූ වාර්තා සමඟ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව මෙම නියම කිරීම සිදු කර ඇත.
ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 ක් වැනි මුදලකටද, ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 ක් වැනි මුදලකට සහ මුණ ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වැනි මුදලකට අලෙවියට මිල නියම කර තිබේ.
ඉහත මිල ගණන් අභිබවා මුඛ ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ ගත් නිවැරදි තීරණයක්..
දැන් තේරෙනවනේ රටකට අත්‍යාවශ්‍ය දේශීය කර්මාන්ත මොනවද කියලා... විෂබීජහරණය කරන ආලේපන දැන් හොයාගන්නත් නැහැ. ඒ වගේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්න වෙනමම බලපත් අවශ්‍යයි. එව්වා අගන්න එක එක්කෙනාගේ පස්සෙන් යන්න වෙනවා. විශේෂයෙන්ම වැසිකිලි ගොස් අතින්ම පිරිසිදු කරගෙන එන ලංකාව වැනි රටකට එවැනි ආලේපන අත්‍යාවශ්‍යයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ. ආනයන සීමා පැනවීමේදී මෙන්ම කර්මාන්ත සංවර්ශනයේදී රටේ විශේෂිත අවශ්‍යතා හඳුනාගැනීමත් වැදගත් වෙනවා. කොටින්ම තදින්ම හිරු රැස් වැටෙන අධෝරක්ත කිරණ ඝනත්වය වැඩි සමකයට ආසන්න ශ්‍රී ලංකාවේ, අව් කණ්ණාඩි ආනයනයේදී රේගුව සලකන්නේ එව්වා සුඛෝපභෝගී භාණ්ඩයක් විදියට... අර ඩොමී ජයවර්ධන අව්කණ්ණාඩි දාගෙන චිත්‍රපටිවල රඟපාපු කලේ ඇතිවුණු සුඛෝපභෝගි මානසිකත්වය තමයි තවමත් අපේ රේගුවට සහ ආනයන අපනයන පාලකවරුන්ට තියෙන්නේ...
මේ වගේ වෙලාවකදීත්, පාරිභෝගිකයන් සූරාකන වෙළඳුන් කුමකටද? ඔය ඉතිරි කරන ලාභය... යනකොට ගෙනියනවද?
හොඳට ගසාකන්න තියෙන වෙලාව කරදර කරන්න එපා..