( රංජිත් රාජපක්ෂ )
හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට (30) දින උපදෙස් දි ඇත.
ලබන 5 වැනිදා තෙක් මෙම විද්‍යා පිඨය වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්ලයයේ නිලධාරින් පිඨාධිපතිට උපදෙස් ලබා දි තිබේ.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසකට ඊයේ (29) සිට උණ රෝගය සහ ශ්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , (30) දිනයෙත් ගුරු සිසුන් 50 කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශිය රෝහලෙ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් වෛද්‍යය සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේය.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කළ බව කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරිය පැවසූවාය.
ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යය පරික්ෂවරුන් විසින් විද්‍යාපිඨය තුළ විමර්ශණයක් සිදු කරන බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා පැවසිය.






2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උණ රෝගයක් පැතිර යාමෙන් ශ්‍රී පාද විද්‍යා පීඨය වසා දමයි