(නාලක සංජීව දහනායක)
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නතර කර ඒවා නිෂ්පාදනය කිරීම කොලොන්නාවේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ බලධාරීන්ට අද (30) උපදෙස් දුන්නේය.
එමෙන්ම රජයේ විවිධ ආයතනවලට අවශ්‍ය විවිධ උපකරණ නිපදවීම හා අලූතින් ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා ඇලුමිනියම් වලින් නිෂ්පාදිත දොර ජනෙල් යොදා ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එම සියළුම නිෂ්පාදන කටයුතු කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් සිදුකරන ලෙස උපදෙස් දුන් අතර එමගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් අන්තිමේ... තව ගොඩක් දේවල් තියෙනවා. මේ පාරෙන් යන්න..
කවුද මේ වාසනාවන්තයා...? දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර මහජන සේවය උදෙසා පල කරන්න.
බොහෝමත්ම පින්... අානයනික පලතුරු ටිකත් නැවැත්තුවොත් ලොකු දෙයක් . රස්සා 100 000 නැතත් කමක් නෑ. ආ තව දෙයක් වාහනත් දැන් ඇති බබා... පාරේ ඉඩ නෑ...
අන්තිම ඉහළයි. ඒ වගේම ඕකෙ දැනට පැලවෙලා ඉන්න කිසිම නිර්මාණශීලිත්වයක් නැති ගොරකයින් වෙනුවට හොඳ අලුත් කට්ටියකුත් ගන්න. ඉන්න අයව පන්නලා නොවෙයි.
අවශ්‍ය අමුද්‍රව්‍ය කෙලින්ම ඒ ඒ රටවලින් රාජ්‍යයෙන් රාජ්‍යයට ක්‍රමවේදය අනුව ලබා ගතහොත් තමා සෑහෙන මුදලක් ඉතිරි කරගැනීමට හැකි වෙන්නේ. නැතිනම් ඉතින් කොමිස් කාක්කන්ගේ සාක්කු තමා.
ඇත්තටම හොඳයි. මගේ මාමණ්ඩිය සුපර්වයිසර් වරයෙක් වශයෙන් රජයේ කර්මාන්තශාලාවේ වැඩකරන කාලයේ මට කියපු දෙයක් මතක්වුණා. ලංකාවේ කෝච්චිවලට බ්රේක් පෑඩ් පවා හදලා තියෙන්නේ...
බොහෝ පින් ගරු අගමැතිතුමනි. මෙවැනි දේවල් බලාපොරොත්තුවෙන් තමයි ලක්ෂ 69ක ජනතාවක් ඔබතුමාගේ සහෝදරයාව අපේ රටේ නායකයා වශයෙන් පත්කරගෙන ඔබතුමාලාට නැවත රට බාරදුන්නේ. "සිරිලක දේ සිරිසැප දේ " තේමාව කරගනිමු.
අවංකවමයි කියන්නේ, ඉතාම වටිනා යෝජනාවක්. තව ටිකක් එකතු කරන්න අවසර. අපේ රෝහලවල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්න අවස්ථා බොහොමයි. මං උණ රෝහලේ ඉන්නකොට දවස් තුනක්ම හිටියේ තවත් ලෙඩෙක් එක්ක. මං දැක්කා ඇඳන් දෙකක් එක්කරලා තුන් දෙනෙක් දාපු අවස්ථා. ඒ හින්දා මං යෝජනා කරන්න කැමතියි උවමනා වෙලාවට දිග හරින්න පුළුවන් විදිහට "ඩබල්" ඇඳන් වගේ ක්‍රමයකට ඇඳන් හදන්න කියලා...