දියේ ගිලී සිසුන් මියයාමේ සිද්ධියට ගුරුවරු 4කගේ වැඩ තහනම්
ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පිහිටි ’මැදවච්චිය’ වැවේ ගිලී සිසුන් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල හාලිඇල විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමටත්, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරුවරුන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර, ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවයේ යෙදවීමටත් කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය.