(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව රැස්වන රැස්විම් වහාම නවතා දමන්නැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබේ .
දිස්ත්‍රික් ලේකම්වරයා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 16 දෙනා වෙත දන්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අද (12) සිට ජනතාව විශාල වශයෙන් රැස්වන රැස්විම් සියල්ලම නවතා දමන ලෙසයි.
එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන කිසිදු රැස්විමක් කැඳවීමේ දී තමන් දැනුවත් කරන ලෙසයි.
මේ පිළිබදව කල විමසිමේදී දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙසේ කීය.
“ මේ වන ලොව පුරා කොරෝනා වසංගතයක් ව්‍යාප්ත විමත් සමඟ මම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කලා මේ තත්වයට මුහුණ දෙන එක පිළිබඳව. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම රැස්විම් නවතා දමන්නට දැනුම් දීම කළා. ජනතාවගේ ආරක්ෂාව සළකා යැයි ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුත්තලම ජනතාව රැස්වන රැස්වීම් නවත්වන්නැයි ප්‍රා.ලේකම්වරුන්ට දන්වයි
Champa Thursday, 12 March 2020 12:34 PM
හොඳ තීරණයක්.