‘‘කොරෝනාට එරෙහි රජයේ වැඩපිළිවළෙහිදී අසාධාරණයක් වූයේ නම් සොයාබලනවා‘‘ කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) පැවසීය. 06 April 2020
අයර්ලන්ත අගමැති යළි සෞඛ්‍ය සේවයට එක්වෙයි අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වයිරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් තීරණය කර ඇත. 06 April 2020
‘ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථිකයක් හදනවා’ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවැසීය. 06 April 2020
ඇඟළුම් ක්ෂේත්රයේ වැටුප් ගෙවීම අසීරු අභියෝගයක් ඇඟළුම් කර්මාන්ත ශාලාවල අප්‍රේල් වැටුප් හා අත්තිකාරම් නොගවීමට තීරණය කර ඇති සිද්ධීන් පිළිබදව පැමිණිලි ලැබෙමින් පවතින බව කම්කරු අමාත්‍යංශය කියයි. 06 April 2020
‘‘ගමට යා නොහැකිව සිටින පිරිස් වෙත අවධානය යොමුකරන්න‘‘ දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවසීය. 06 April 2020
ජයන්ත රත්නායකගේ අවමංගල්‍යය 8 දා අභාවප්‍රාප්ත ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා (8 වැනිදා) දහවල් 11.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 06 April 2020
මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ එම්.එස්.සී මැග්නිෆිකා නැමැති මගී නෞකාවේ කාර්ය මණ්ඩලයේ සුපවේදියෙක් වශයෙන් කටයුතු කළ අනුර බණ්ඩාර හේරත් නැමැති ශ්‍රී ලාංකික තරුණයා අදාල නෞකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොළඹ වරාය ආසන්නයට පැමිණි තිබියදී නාවික හමුදාව සහ කොළඹ වරයායේ නිලධාරීන් එකව අද (06) පෙරවරු 6.00 ට පමණ තරුණයා අදාල නෞකාවෙන් පිටතට ගෙන දින 21 ක කාලයක් සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව නාවික හමුදාව කියයි. 06 April 2020
නුවරඑළියේ වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය. 06 April 2020
පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම හා කිවුල ප්‍රදේශයෙන් කොරෝනා අසාධිත කාන්තාවක් හමු වීමෙන් පසුව ඇය සබඳතා පැවැත් වූ බව කිය නිවාස කිහිපයක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 06 April 2020
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට බලපවතින ඇඳිරි නීතිය, අප්‍රේල් 9 වැනිදා උදෑසන 6.00ට ඉවත්කර එදිනම යළි සවස 4.00ට පනවන බව රජය දැනුම්දෙයි. 06 April 2020
නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් අද( 06) සිට නැවත දැනුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි. 06 April 2020
‘‘ඩොලර් බිලියන 514 සහන පැකේජයක් ක්‍රියාත්මක කරනවා‘‘ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 514 ක (යෙන් ට්‍රිලියන 56) ක සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කරයි. 06 April 2020
ඇඳිරි නීතියෙන් පසු දඹුල්ලේ කළුකඩ කාරයෝ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල නගරයේ විවිධ ස්ථානවල වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළෙඳුන් පලවාහැරීමට සහ අවවාද කිරීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය අංශ අද ( 06) පියවර ගත්තේය. 06 April 2020
ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රට තුළ ‘හදිසි නීතිය’ ප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට පුවත් සේවා අද (6) වාර්තා කළේය. 06 April 2020
ඇඳිරිනීතිය ආරම්භ වුවත් ජනතාව තවමත් දිගු පෝලිම්වල ඇඳිරිනීතිය අද පස්වරු 2.00 ට යළි පැනවුවද බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල් අසල පස්වරු 2.00 පසුවීමෙන් අනතුරුවද දිගු පෝලිම් දක්නට හැකිවිය. 06 April 2020
ටින් මාළු - පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත. 06 April 2020
අධිවේගි මගේදී හමුදා කැබිරියක් පෙරළී 6 ක් රෝහලේ යුද හමුදාවේ කැබ් රථයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී පෙරළී ගොස් අද (06) අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් සෙබළුන් හය දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි. 06 April 2020
ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් හෙළිවී ඇත. 06 April 2020
අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 නිරෝධායනයට කොරෝනා රෝගය වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණී පුද්ගලයකු හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (06) පැවසීය. 06 April 2020
ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය මණ්ඩල කොටසක් කිවුල හා 9 බවුම ගම්මාන වල නිවාස 15 ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි අධිකාරිවෛද්ය ඒ.එච්.එම් .පද්මිනි අබේරත්න මහත්මිය මහත්මිය පවසයි. 06 April 2020
පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ්‍රාම වැටුප් ගොවි විශ්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. 06 April 2020
පාපැදි විනිසුරුවරයකු ඝාතනය කළ පිය පුතු අත්අඩංගුවට සමස්ත ලංකා පාපැදි ශූර හා සමස්ත ලංකා පාපැදි සම්මේලනයේ විනිසුරුවරයෙකු වන පයාගල දුවේ බඩත්ගොඩ පදිංචිව සිටි අනිල් රත්නසිරි මහතා (53) තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිය පුතු දෙදෙනෙක් අද (6) සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. 06 April 2020
වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්රාගාර දෙකටම බලපෑම් කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත්රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 06 April 2020
ඩොලරය රුපියල් 200 කඩයිමේ ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 06 April 2020
කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 06 April 2020
මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති දඹදිව වන්දනාවෙ ගොස් මෙරටට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 203 දෙනකු අද(06) නිවෙස් වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි. 06 April 2020
ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනියක ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා අද (06) නියෝග කළේය. 06 April 2020
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට වැඩියෙන් අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදු කරමින් පාලන මිලට ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත. 06 April 2020
බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි. 06 April 2020
ඇඳිරියේදී වස්ගමුව වනෝද්‍යානයේ කුමාරඇල්ලේ පතල් කැපු 17 ක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී වස්ගමුව ජාතික වනෝද්යනයේ කුමාර ඇල්ල ප්‍රදේයේ පතල් හාරමින් සිටි 17 දෙනකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 06 April 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026