( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සමස්ත ලංකා පාපැදි ශූර හා සමස්ත ලංකා පාපැදි සම්මේලනයේ විනිසුරුවරයෙකු වන පයාගල දුවේ බඩත්ගොඩ පදිංචිව සිටි අනිල් රත්නසිරි මහතා (53) තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිය පුතු දෙදෙනෙක් අද (6) සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.
නිවසට ගමන් ගන්නා මාර්ගය සම්බන්ධයෙන් කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි .
තියුණු ආයුධ පහරට ලක් වූ පාපැදි ශූර හා විනිසුරු වන අනිල් රත්නසිරි මහතා නාගොඩ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූවත ප්‍රකාශ කළා මෙන් සැකකරුට දෙන දඬුවම දක්වා සියලු තොරතුරු පාඨකයාට දෙන්න