සතොස ගබඩා සහයකවරයකු වැඩි මිලට භාණ්ඩ විකුණා අත්අඩංගුවට
මාතර තිහගොඩ, ගල්බඩ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන ලංකා සතොස ගබඩා සහයකවරයකු සතොසින් ගෙන්වූ සැමන් සහ පරිප්පු, පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමේදී පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්රික් වැටලීම් ඒකකය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.