IMG-LOGO

ජනපති කාර්ය සාධක බළකායේ තීරණ වලට බාධා වන සිද්ධි ගැන දන්වන්න අංකයක්

(නිමන්ති රණසිංහ)

අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් ගනු ලබන තීරණවලට බාධා වන ආකාරයේ සිද්ධීන් වාර්තා වන්නේ නම්, ඒ පිළිබදව දැනුම් දීම සදහා විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දෙනු ලැබ තිබේ.

දුරකතන අංක 071415160 ඇමතීමෙන් හෝ 0711692692 අංකයට වට්ස්අප් හෝ වයිබර් කිරීමෙන් මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකිබව අත්‍යවශ්‍ය සේවාවන් සදහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාධක බලකාය මඟින් ගනු ලබන තීරණ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා කි‍්‍රයාත්මක බව ද රජය දැනුම් දෙයි.

මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඉකුත් 28 වැනිදා සිට කි‍්‍රයාත්මක වූ අතර මෙමගින් අනාතවට අත්‍යවශ්‍ය සේවවාන් සැපයීමේදී සම්බන්ධීකරණ කටයුතු සහ පසුවිපරම් කටයුතු සිදුකරනු ලබන බවත්, ඒ සම්බන්ධයනේ පමණක් අපහසුතා ඇත්නම් අංක 0113456200 ට හෝ අංක 0112333066 අංකයට ෆැක්ස් මගින් දැනුම් දෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා ඇත.

 



අදහස් (2)

ජනපති කාර්ය සාධක බළකායේ තීරණ වලට බාධා වන සිද්ධි ගැන දන්වන්න අංකයක්

mdd Monday, 06 April 2020 05:35 PM

බුද්ධි අංශ නිලධාරීන් මාව හිර කරනවා වගේ ...

:       0       73

Koralage Tuesday, 07 April 2020 02:11 AM

ඔය කියන කාර්ය සාධක බළකායෙන් ගමේ එදිනෙදා රස්සාවක් කරන අන්ත දුගී දුප්පතුන්ට එන සහන මලු මේ ප්‍රාදේශීය දේසපාලුවන් ඔවුන්ගේ ගෝල බාලයන්ට චන්ද ගන්න බෙදා දෙනවා. මේක අද මුළු රටේම කතා වෙන කතාවක්.තෙවරප්පෙරුම කළුතර අන්ත දුගී දුප්පතුන්ට කරන සේවය ලෝක පුජිතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 508 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site