IMG-LOGO

ඩෙටෝල් සමාගමෙන් මිලියන 3ක සනීපාරක්‍ෂක නිෂ්පාදන

(රංජන් කස්තුරි)
 
ඩෙටෝල්  ආයතනය  ප්‍රජා සත්කාර සේවයක් ලෙස  රුපියල්  මිලියන 3 කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් රජයේ රෝහල්වලට පරිත්‍යාග කර තිබේ.
 
මීට අමතරව කොවිඩ් 19 වසන්ගතය දුරු කිරීමට ජනතාවට සහය වීම සඳහා අයි ඩී එච් රෝහලට, කොළඹ ජාතික රෝහලට,  කළුබෝවිල ,  මීගමුව  , රාගම , මාරවිල මුල්ලේරියාව , අනුරාධපුර රෝහල් සඳහාද ජනතාවට අත් සේදීමේ නිවැරදි ක්‍රමය සම්බන්ධ රූපමය පනිවිඩ ලබා දීමක්ද සිදු කර තිබේ.
 
මීට අමතරව කොළඹ කොටුව    මරදාන,  ගම්පහ , දෙමටගොඩ සහ වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල සහ ප්‍රධාන  බස්නැවතුම්පොළ  කිහිපයක අත්සේදුම්    ඒකක ස්ථාපිත කර  විෂබීජහරණ ද්‍රව්‍ය  සපයා ඇති  බවද රෙකිට් බෙන්කිසර්  ශ්‍රී ලංකා සමාගමේ  වානිජ අධ්‍යක්ෂක  සින්ක්ලෙයාර් කෘස් මහතා පැවසීය.

 



අදහස් (6)

ඩෙටෝල් සමාගමෙන් මිලියන 3ක සනීපාරක්‍ෂක නිෂ්පාදන

chandima Monday, 06 April 2020 03:16 PM

Detol නොහොත් Chloroxyleno ද්‍රවනයට කොරෝන පවුලේ එබොල වැනි වෙනත් වයිරස විනාශ කල හැකි නමුත් කොරෝන වයිරසය විනාශ කල හැකි බවට කිසිදු සහායක් නොමැති බවත් ඒ සඳහා පරීක්ෂණයක් කර නොමැති බවත් බ්‍රිතාන්‍යයේ එම නිෂ්පදකයින්ද පවසා ඇත. කොරෝන යනු වැනසීමට අපහසු වයිරසයකි. නිසි පරීක්ෂාවකින් තොරව මේවා භාවිත කිරීමෙන් වයිරසය නැතිවුණා යයි සිතා ගෙදර ගොස් අනෙත් යට වයිරසය බෝකරන්නට එපා.

:       1       0

chathura Monday, 06 April 2020 03:18 PM

කොරෝන වයිරසය යනු බැක්ටීරියාවක් නොවේ.

:       134       10

Kumar Monday, 06 April 2020 05:23 PM

දෑත පිරිසිදුව තබාගන්න එක ඉතාම හොද දෙයක්. ඒ සඳහා අවශ්‍ය සබන් වලින් තප්පර 30ක් සේදීම පමණයි. තමාගේ දෑස මුහුණ වැනි දේ අල්ලන්න එපා. තමන්ගේ ගෙය තුලට යන්න කලින් පාවහන් ඉවත කරන්න. රැකියාවකට යනකෙනෙක් නම් තමාගේ නිවසේ සාමාජිකයන් සමග ගැවසෙන්න කලින් අඩුගනනේ තමන් පිරිසිඳු වෙන එක තමා හොඳ? තමාට නොතිබුනාට තමන්ගෙන් වෙන අයෙකුට බෝවිය හැක...

:       0       50

chandimaMonday, 06 April 2020 07:38 PM

ඇත්ත කතාව, සබන් වලින් හොඳින් අත සේදුවම වයිරසය ඉවත්වෙනවා. ඒකට ඩෙටෝල් සබන්ම වෙන්න ඕන නැහැ. රෙදි සෝදන සබන් උනත් හොඳයි.

:       0       0

K.p.p.perera Monday, 06 April 2020 05:40 PM

වැඩේ හොදටම හොදයි... අපට භාවිතයට ඩෙටොල් නාශක නැත.. පුළුවන්නම් කෑන් 10 ක් විතර එවන්න.. සුනඛයින් සිටින බැවින්

:       3       3

Prabha Monday, 06 April 2020 08:48 PM

මෙතන කරන්නෙත් අලවි ප්‍රවර්ධනයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site