වෙරළ තීරයට ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන සමීක්ෂණයක්
කොරෝනා වසංගතයත් සමඟ මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් ගංගාවල මෝයකටවල්, ධීවර වරායන් වෙළඳ වරායන් ආශ්‍රීතව පොලිතින් ප්ලාස්ටික් ඝණ හා ද්‍රව අපද්‍රව්‍ය බැහැරවීම පිළිබඳ සමීක්ෂණයක් කිරීමට සැලසුම්කර ඇතිබව සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.