මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ
සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප ලබාදීමට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන නීතීපතිවරයා මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, මුදල් විශූද්ධිකරන්නන් ඇතුළු අපරාධකරුවන්ට මෙම මාර්ගෝපදේශ බලනොපැවැත්වෙන බවද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.