සමෘද්ධි නිලධාරීනියට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට කොරෝනා ආධාර සමෘද්ධි බඩු මල්ල තමාට ලබා නුදුන්නේයයි කියමින් හික්කඩුව පින්කන්ද හදඋඩමූල්ල සමෘද්ධි නිලධාරිනියගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ අයෙකු අද (9) පිංකන්ද ප්‍රදේශයේම සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. 09 April 2020
කොරෝනා ආසාදිතයකුදැයි හඳුනාගැනීමට මෘදුකාංගයක් නිපදවයි පුද්ගලයින්ගේ කැස්ස සහ හඩ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක්(ඇප්) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ලොව ප්රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා ඇත. 09 April 2020
මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි කොරෝනා වයිරසය ආසාදනය වූවකු සංචාරය කිරීම හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) සිට තහනම් කර ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 09 April 2020
ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 09 April 2020
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට තවත් 67 දෙනෙක් ඇතුළත් කෙරේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (09) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව යුද හමුදාව කියයි. 09 April 2020
රත්නපුරට - පැල්මඩුල්ලට ඇඳිරිය දිගටම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය. 09 April 2020
රථ වාහන දඩ මුදල් තැපැල් මගින් ගෙවන්න සහන කාලයක් රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 08 April 2020
අස්ගිරි - මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි (චමිල් රූපසිංහ) කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත. 08 April 2020
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 1000ක් විනාශ කරයි ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී අලෙවි කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ දහසක් විනාශ කර එම තොග අලෙවි මධ්‍යස්ථානයකට එරෙහිව නඩු පැවරීමට (08) දා පියවර ගත් බව ,මහරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 08 April 2020
බූස්ස බන්ධනාගාරයේ දෙදෙනෙකු කොරෝනාදැයි පරීක්ෂාවට කරාපිටිය රෝහලට බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට හදිසියේ ඇතිවු උණ තත්වයක් නිසා ඔවුනට කොරෝනා වයිරසය ආසාදනය වි ඇතිදැයි පරික්ෂා කිරිම සඳහා එම දෙදෙනා අද(08)රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය. 08 April 2020
කොරෝනා අනතුර හමුවේ වගකීම පැහැරහරින මුග්ධයෝ කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තබා තිබූ ඇතැම් පුරෝකථන එකින් එක බිඳ වැටෙමින් තිබේ. අප පුවත්පතට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ ‘‘කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම රටේ සැබෑ තත්ත්වය එළැඹෙන 17 වැනිදායින් පසුව දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. 08 April 2020
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් යෝජනාවක් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත. 08 April 2020
මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ 62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 08 April 2020
ලන්ඩන් නුවර රෝහලකින් මුණ ආවරණ සොරාගත් අයෙක් සිර ගෙට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. 08 April 2020
කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි. 08 April 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 08 April 2020
ඉන්දියාවේ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවීමත් සමඟ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට මුම්බායි නගර බලධාරීහු පියවර ගෙන ඇත. 08 April 2020
අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ගසා මෝටර් රථයෙන් මත්පෙති ඇදලා අත්‍යාවශ්‍ය සේවා දැන් පුවරුවක් සවිකරගෙන ඇදිරි නීතිය අස්සේ ජංගම දුරකතනය ඔස්සේ මත් පෙති හා ගංජා මෝටර් රථයකින් ගෙන්ගෙට ගොස් බෙදාහරින අයෙකු අද (8 ) අහුන්ගල්ල බැබිලමල් පොකුන ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි . 08 April 2020
ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් යුතු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය අද (08) වාර්තා කළේය . 08 April 2020
කෝවිඩ් 19 - අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08) රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 08 April 2020
බොරු තොරතුරු දුන් සණස බැංකු සේවකයකුට ඇප පොල්ගහවෙල මහ රෝහලේ කොරෝනා රෝගියෙකු සිටින බවට සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ අසත්‍යයක් ප්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්රභාකරන් මහතා අද (08) නියෝග කළේය. 08 April 2020
මුහුණු පොතෙන් නිරෝධායනයට බැන වැදුණු පුද්ගලයකු රිමාන්ඩ් ’’මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා කොරෝනාවලට බෙහෙතක් හොයන්න උත්සාහ ගනිද්දි පොලීසිය ගොන් වැඩකර ඔවුන් අත්අඩංගුවට ගන්නවා’’ යැයි සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ නිරෝධායන කි‍්‍රයාවලියට දෝෂාරෝපණය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්රභාකරන් මහතා අද (08) නියෝග කළේය. 08 April 2020
කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 April 2020
ආසාදිතයින්ට ළගට නොයා ප්‍රතිකාර කළ හැකි යන්ත්‍රයක් නාවික හමුදාව නිපදවයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිපදවා එය අද (8) නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත බාර දුන් බව නාවික හමුදාව පවසයි. 08 April 2020
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරින් හට සහයෝගය දැක්වීමට හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම විසින් ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාග කරනු ලැබ තිබේ. 08 April 2020
සමාජ සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන්න එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ චාරිත්‍ර සහ සමාජ සබඳතා පවුලේ සාමාජිකයන් ඇසුරෙහි පමණක් පවත්වාගෙන යන ලෙස රජය මහජනයාට අවධාරණය කරයි. 08 April 2020
වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු අද (8) පියවර ගත්හ. 08 April 2020
දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ. 08 April 2020
දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට විවෘත කෙරේ දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට (09) විවෘත කිරීමට අවසරය ලැබී ඇතැයි සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා අද (08) පැවසීය. 08 April 2020
පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක් බණ්ඩාරගම වල්ගම සුසාන භූමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී අද (08) පොලිසියෙන් මිදී පැන ගිය බව කියන මත්තේගොඩ පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 08 April 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026