IMG-LOGO

ලන්ඩන් නුවර රෝහලකින් මුණ ආවරණ සොරාගත් අයෙක් සිර ගෙට

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත.

මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය. ඔහු ලන්ඩනයේ ‘කින්ස් කොලේ රෝහලෙන්’ ඉකුත් ඉරිදා මුඛ ආවරණ තුනක් සොරකම් කර ඇත. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත .

අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි.

මේ අතර රෝහලේ තිබූ එකම මුඛ ආවරණ පෙට්ටිය සොරකම් කර ඇති බවත් එය නැවත ගෙනැවිත් දෙන්නැයි ද කිඩර්මින්ස්ටර්හි වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබිණි.
මෙම සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පොලිසිය සඳහන් කළේය.

වසංගතය ව්‍යාප්ත වීමත් කොරෝනා වයිරසයට සම්බන්ධ සිදුවීම්වලට පුද්ගලයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය. කෙළ ගසා වයිරසය පොලිස් නිලධාරීන්ට බෝ කරන බවට තර්ජනය කළ පුද්ගලයකු උතුරු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය . 

ඒ.එෆ්.පී.
055



අදහස් (0)

ලන්ඩන් නුවර රෝහලකින් මුණ ආවරණ සොරාගත් අයෙක් සිර ගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site