කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි පෙත්සමක් කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ අද (28) රිට් පෙත්සම 28 July 2020
බන්ධනාගාර තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය විසි කළ ‘බොරැල්ලේ ලොක්කා‘ අල්ලයි ඊෂි කෑෂ් හරහා මුදල් ලබා ගනිමින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් විසි කිරීමේ සංවිධානාත්මක කල්ලිය මෙහෙය වූ පුද්ගලයා වන ’’බොරැල්ලේ ලොක්කා නැමැත්තා ’’මැගසින් බන්ධනාගාරය තාප්පය අසළ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි . 28 July 2020
සුවය ලැබුවෝ 175 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 175 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 28 July 2020
හැඳුනුම්පත් නිකුත් කරන්නේ 17 දක්වා ලැබුණු ඉල්ලුම්පත්වලට පමණයි එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉකුත් 17 දක්වා ලැබී ඇති ඉල්ලුම්පත්වලට පමණක් ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2020
ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ දෙකක සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා අයිස් මත්ද්‍රව්‍ය හා හොරෙයින් මත්කුඩ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 28 July 2020
මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන් එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට(29) සිට ගෙන්ගෙට බෙදීම නවත්වන බව, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 28 July 2020
ඊ.ටී.එෆ්. අර්බුදයක - පොලියත් අඩුවෙයි සේවා නියුක්තියන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩුවී ඇත. 28 July 2020
ඓශ්චර්යා - ආරධ්‍යා සුවය ලබා ගෙදර යති කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් ගත කර සිටි සුප්‍රසිද්ධ නිළි ඓශ්චර්යා රායි සහ දියණිය ආරධ්‍යා බච්චන් සුවය ලබා පිටව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 28 July 2020
රාජාංගනයට ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට කෝවිඩ්-19 වයිරසය හේතුවෙන් නතරකර තිබූ රාජාංගන කලාපයේ මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද(28) සිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2020
වාහන තුනක් ගැටී රාජකාරියේ සිටි පොලීසියේ 3ක් රෝහලේ දඹුල්ල කුරුණෑගල ප්‍රධන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදි පොලිස් ජිපි රථයක් , මොටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් මහමග රාජකාරියේ කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු හා කම්කරුවෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 28 July 2020
පොහොට්ටුව දුරකථනයේ හැප්පී 5 කට තුවාල වවුනියාව ,සාලම්බකුලම් හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පූවරසකුලම් පොලිසිය කියයි. 28 July 2020
කුලියට ගත් වාහනවලට ව්‍යාජ ලේඛන සකසා අලෙවි කරලා මාසිකව ඉහළ මිලක් ලබා දෙන බව පවසා කුලී පදමන මත ලබා ගත් වාහනවලට ව්‍යාජ ලිපි ලේඛන සාදා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි. 28 July 2020
‘මධූෂ්’ගේ ගෝලයකු හෙරොයින් සමඟ අල්ලයි හෙරොයින් සන්තකයේ තබා ගත් බව කියන සිද්ධියකට ‘මාකඳුරේ මධූෂ්ගේ’ ගෝලයකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2020
බදුල්ලේ මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 60ක් සොයා ගනී මැතිවරණ නීති කඩකරමින් අපේක්ෂකයින්ගේ මනාප අංක, ලාංඡන සහ ඡායාරූප ඇළවූ වාහන 60 කට ආසන්න ප්‍රමාණයක් නවතා ස්ටිකර් ඉවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය කටයුතු කර තිබේ. 28 July 2020
වනාතමුල්ලේ ග්‍රාම නිලධාරිනියක් ලක්ෂයක අල්ලස් අරගෙන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 28 July 2020
ගෝලීය කොරෝනා මරණ 650,000 ඉක්මවයි නව කොරෝනා වයිරස වසංගතයෙන් ගෝලීයව මියගිය ගණන අද (27) 650,000 ඉක්මවා ගියේය. 27 July 2020
ජෝර්දානයේ සිරවී සිටින ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී. 27 July 2020
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 23 ක් හඳුනාගනී කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 July 2020
තවත් බන්ධනාගාර නිලධාරියෙක් දැළේ කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමේදී ඊට රැකවරණය දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 27 July 2020
වරෙන්තුව වළක්වාලන අතුරු නියෝගය ගැන තීන්දුව හෙට හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැද්ද ? යන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙටට (28) කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 July 2020
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත. 27 July 2020
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (27) සවස ඉවත් කළබව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 27 July 2020
යතුරුපැදි ආනයන තහනම ඉවත් කරන්නැයි ව්‍යාපාරිකයෝ ඉල්ලති යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි. 27 July 2020
බෞද්ධ දහම් පාසල් අගෝස්තු 16 වැනිදා ඇරඹේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තිබූ බෞද්ධ දහම් පාසල් අගෝස්තු 16 වැනිදා සිට අදියර දෙකක් යටතේ යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය. 27 July 2020
බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සේවය අත්හිටුවයි මීගමුව බන්ධනාගාරයේ සිදු වී ඇතැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවන ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල මහතාගේ සේවය අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 27 July 2020
කලුතර වැටලීමකින් ලක්ෂයකට අධික හෙරොයින් සොයාගනී කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 July 2020
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය. 27 July 2020
බදියුදීන්ගෙන් පැය පහක් ප්‍රකාශ ගනී පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවකුගේ කර්මාන්ත ශාලාවකට තඹ ලබාදමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයන්ට ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ඊට්පෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද (27) පැය පහක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටව ගියේය. 27 July 2020
ජාතික ආරක්ෂාවට තර්ජනය වන තොරතුරු දන්වන්න අංක දෙකක් විශේෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම්දීම සදහා පොලිස් මූලස්ථානය විසින් සිට 1997 සහ 1917 යන විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත. 27 July 2020
බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 27 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026