(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සීසීටීවී කැමරා ඔස්සේ බුද්ධි අංශ නිලධාරීන් විසින් කරන ලද නිරීක්ෂණයට මෙම නිලධාරීන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයිද පැවසේ.

මෙම නිලධාරීන් අතර ජේලර්වරුන් හා නියාමකවරුන් කිහිපදෙනෙකු සිටින බවද, දැනගන්නට තිබේ.

මීට පෙර හඳුනාගත් නියාමකවරයා පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර මූලස්ථානය වෙත යවා ඇති අතර මෙම නිලධාරීන් පිළිබඳව ද බන්ධනාගාර මූලස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතය.

මේ වනවිට දිවයිනේ දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් 131දෙනෙකු බූස්ස බන්ධනාගාරයේ විශේෂ තනි සිරකුටිවල රඳවා සිටිති.