පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි. 29 July 2020
මතිවානන් ක්‍රිකට් උප සභාපති ධූරයෙන් අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන කේ. මතිවාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට අද (29 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය. 29 July 2020
පුදුකුඩිරිප්පු ඉඩමකින් පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී මුලතිව්, පුදුකුඩිරිප්පු හයවැනි පියවර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි. 29 July 2020
‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවිමේ කමිටු වාර්තාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරයි‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(29) පැවසීය. 29 July 2020
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව විරෝධතාවක් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද (29) කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. 29 July 2020
සුවය ලැබුවෝ 21 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. 29 July 2020
අගෝස්තු 4 වැනිදා සිට 7 දක්වා පාසල් නිවාඩු පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අගොස්තු 4 වැනිදා සිට 7 වැනිදා දක්වා පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද ( 29) පැවසීය. 29 July 2020
‘මැතිවරණ නිවාඩුවට ගම්බිම් යන්න ප්‍රවාහන කටයුතු සූදානම්’ අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ජනතාවට කොළඹ සිට සිය ගම්බිම් බලා යාමට මෙම මස 31 වැනිදා සිට සියලු ප්‍රවාහන කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 July 2020
මීගමුව බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙය වූ කුඩු ජාවාරමක් හෙළි වෙයි රුපියල් ලක්ෂ 10 කට ආසන්න හොරොයින් තොගයක් සමඟ සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2020
යල කන්නයේදී පොලොන්නරුවෙන් වී මෙ:ටොන් 30,000ක් මිලට ගන්න යයි මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මෙට්‍රික් ටොන් 30,000ක් මිළදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව වී අලෙවි මණ්ඩලය කියයි. 29 July 2020
බන්ධනාගාර කොමසාරිස් පහර දුන්නැයි නියාමකවරයෙක් රෝහල්ගත වෙයි වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුම් කොමසාරිස්වරයා පහර දුන්නැයි පවසා බන්ධනාගාර නියාමකවරයකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 29 July 2020
’මුන්නේශ්වරන් දේවාලයේ නිකිණි පූජාව සෞඛ්යාරක්ෂිත නීතිරීතිවලට අනුවයි’ කොරෝනා වසංගත තත්ත්වය යටතේ සෙඛ්‍ය අංශ මගින් පනවා ඇති නීති රිති යටතේ හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවය චාරිත්‍රානුකූලව චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව එම දේවාලයේ ප්‍රධන පුජක බ්රාහ්මසාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයා එම දේවාලයේ දි පැවැති මාධ්‍ය හමුවක දි ප්‍රකාශ කළේය. 29 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව2810 දක්වා ඉහළ ගොස් තිබේ. 28 July 2020
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 207 කට කොරෝනා නෑ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් හා නිලධාරින් 239 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේය. 28 July 2020
තානාපති කාර්යාල නිලධාරීන් ප්‍රාණ ඇපයට ගනිති ශ්‍රී ලංකා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (27 ) උදෑසන ජෝර්දානයේ කරක්හි කම්හලක් වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ කාර්ය මණ්ඩලය එහි සිටි රැකියා විරහිත සංක්‍රමණික කම්කරුවන්ගෙන් කොටසක් විසින්, තමන් වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටිමින් පැය පහකට අධික කාලයක් තිස්සේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගත් බව ජෝර්දානයේ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 28 July 2020
කොවිඩ්-19 ලොකු රැල්ලක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි ඍතු වෙනස් වීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බවත් එම නිසා සැහැල්ලුවට නොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 28 July 2020
පාස්කු දින ප්‍රහාරයට රිෂාඩ් ගැන වාර්තාවක් දුන්නේ එවකට වාර්තා මතයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සැකකරුවකු නොවන බවට මෙතෙක් සිදුකළ විමර්ශනයේ දී තොරතුරු හෙළිවී නොමැති බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා 2019.6.20 දින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දී ඇති ලිපිය එවකට පැවති විමර්ශන පදනම් කරගෙන නිකුත් කළ ලිපියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (28) පැවසීය. 28 July 2020
සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලීමක් හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන්නැයි සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අභියාචනාධිකරණයෙන් අද (28) ඉල්ලා සිටියේය. 28 July 2020
‘‘ඇඹිලිපිටිය කඩදාසි කම්හලට පණ දෙන්න මම සූදානම්‘‘ ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණදීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 July 2020
අදියර කිහිපයකට රාජාංගනයේ සංචරණ සීමා ඉවත් කරයි කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පනවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 28 July 2020
මත්ද්‍රව්‍ය - අපරාධකරුවන් ගැන තොරතුරු ලබාදෙන්න විද්‍යුත් තැපැල් ලිපින දෙකක් විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද (28) සිට විශේෂ විද්‍යුත් තැපැල් ලිපින දෙකක් සහ ෆැක්ස් අංකයක් හඳුන්වා දී ඇත. 28 July 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11 ක වංචාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පවත්වා දී ඇත. 28 July 2020
අනිද්දා මුහුදු යන්න එපා යැයි කාලගුණයෙන් කියයි මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන්හි අනිද්දා (30) දහවල් 12.00 දක්වා ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 28 July 2020
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වෘත්තීය ක්‍රියාමර්ගය අත්හරිති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (29) සිට අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති ලේකම් එම්. බාලසූරිය මහතා පැවසීය. 28 July 2020
බූස්ස බන්ධනාගාරයේ දිගු කාලයක් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගනයේ පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් දිගු කාලයක් එකම සේවා ස්ථානයක රැඳී සිටින ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වෙනත් සේවා ස්ථාන වෙත මාරුකරු යැවීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත. 28 July 2020
හෙළ උරුමයෙන් එක මනාපයකට එක පැළයක් මෙවර මහ මැතිවරණයේ දී තමන් වෙත ලැබෙන සියලුම මනාප වෙනුවෙන් එක් මනාපයකට එක් පැළයක් බැගින් සිටුවීමට පිවිතුරු හෙළ උරුමය නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පරිසරවේදීන් ඉදිරියේ අද (28) පොරොන්දු වූයේය. 28 July 2020
යතුරුපැදි තරග පැවැත්වූ 36 දෙනාට දඩ මුහුණු පොත හරහා සංවිධානය වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි තරගයක් පැවැත්වීමේ චෝදනා ලද තරුණයන් 36 දෙනාට රුපියල් 14 ලක්ෂ දහසක දඩයක් නියම කිරීමට කැස්බෑව අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 28 July 2020
මත්කුඩු ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම් වාරියපොල බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගොස් ජාවාරම් කළ බවට චෝදනා ලද එහි නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 28 July 2020
අධිකරණයෙන් බුවනෙක හෝටලයේ ලිපිගොනු ඉල්ලයි ඩෝසර් කර විනාශ කරන ලද බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැළකෙන ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයේ පවත්වාගෙන යන ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අද (28) නියම කළේය. 28 July 2020
115 ක් එජාපයෙන් දොට්ට මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු තම පක්ෂයෙන් ඉවත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. 28 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026