‘ඔන්ලයින්’ වැඩට ගස් නගින දරුවන්ගේ ගැටලු විසඳමු
මේ දවස්වල මොබයිල් ෆෝන්වලට නිමක් නැති දැන්වීම් ගලා එයි. තාවකාලික ඩේටා ප්ලෑන්, එනිටයිම් ඩේටා පැකේජ්, ඩේටා ඇඩ් ඔන් සේවාද ඇතුළු වෙනත් පහසුකම්ද විවිධ සහන යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන බවට ඒවායේ පොරොන්දු රැසකි. මේ ඇතැම් පැකේජ් නොමිලේ සැපයෙන බවද සඳහන්ය. තවත් ඒවාට අඩු ගාස්තු අයකරන බවද කියති. ෆෝන් හිමියන්ට අවශ්‍ය වුවත් නැතත් ඒ දැන්වීම් නවතින්නේ නැත. එහෙත් පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශයේ ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන කටයුතු සිදුකරන සිසු දරුවන්ට නම් එවැනි වාසනාවක් නැත.