
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා ඊයේ (20) වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මැති ඇමතිවරුන්ට එහෙනම් දැන් බොහොම අපල කාලයක් ලබා තිබෙන බව පේනවා.
ඉතා හොදයි. හැමෝම නීතියට යටත්.
පැරදිලා ඇමති ගෙදර ගියත් පුතාලගේ උණ අඩුවෙලා නැහැ. අර දැරිවියකට නිරුවත පෙන්නපු පුද්ගලයාගේ විස්තර දැම්මා වගේ මෙයාලගෙත් නිරුවත රටට හෙළිකරන්නේ නම් මැනවි.
විල්සන් කරුගේ නම් ගම් පොටෝ දාන්න පුලුවන් වුණාට හිටපු ඇමතියගේ නමක්වත් කියන්න බැරි තරම් බයයි නේද?
දැන් ඉන්න ඇමති කෙනෙකුගේ පුතෙක් උනා නම් තත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න තිබුණා.
නැති බැරිකමට අනුන්ගේ වත්තකින් අබ ගෙඩියක් පොල් ගෙඩියක් අනවසරයෙන් ගත්ත මනුස්සයාගේ අලගිය තැන් මුල ගිය තැන් සදහන් කිරීමට එඩිතර මාධ්‍යයට හිටපු මේ ඇමතියාගේ නම සදහන් කිරීමට බැරිය... අප තරයේ විස්වාස කරනවා සමහරවිට මෙම ඇමතිගේ නම "හිටපු ඇමතියය" ..නොඑසේ නම් මේ හිටපු ඇමතියා නම මාරුකර ඇත..
මෙ හපුයියට හරි, හිටපු ඇමැතිට හරි නමක් නැද්ද?
ඔය ඇමැති පුතා ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? ආණ්ඩුවෙ පොලිස් කොස්තාපල්ට අනිවාර්යයෙන්ම ට්‍රාන්සර් එකක් ලැඛෙනවා.
තාත්තා මරානම් ඉතින් බඩුම තමයි.
නම කියන්ට බයයි නේද?
මෙන්න දවසේ විහිළුව... පොලිස් නිලධාරියෙකුට මරු කැඳවපු පොලිස් පුතා ඇප පිට ගෙදර. බැන්නොත් අත්අඩංගුවට අරගෙන හිරේ. හිටපු ඇමැති නිසා නීතිය අකුරටම. වර්තමාන ඇමැතියෙක් වුණා නම්.. නීතිය 1000ට නවලා අඹරලා. කුඩු පට්ටම් වෙලා.
අපෙ රටේ නීතිය අහිංසක දුප්පතුන්ට පමණයි.