අභියෝග තේරුම්ගෙන ඊට අනුගතව මුහුණදෙමු
බස්නාහිර පළාතේ හා දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තුන්වැනි වාරය සඳහා ඊයේ විවෘත විය. හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත වූ අතර දුරස්ථභාවය හා වෙනත් සෞඛ්‍ය නීති පිළිපදිමින් සිසුන්ට උගන්වන ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ප්රමුඛ කමිටුවකින් තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන ඇමති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි.