ශ්‍රී ලංකන් බර අදින අපේ දුප්පත් වැසියෝ
දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 2270 ක මුදලක් සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි සඳහන් පුවතක් ඉකුත් දා වාර්තා විය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ආදී අත්‍යවශ්‍ය කාරණා සඳහා මෙම මුදල් ඉල්ලා තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.