වලවේ ගඟේ ගිලුණු සිසුවියගේ මරණයට ගුරුවරියක් අත්අඩංගුවට වලවේ ගඟේ දිය නෑමට ගොස් 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී මිය යාම සම්බන්ධයෙන් කල්තොට විද්‍යාලයක බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය කල්තොට පොලිසිය මගින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාර්ග ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 01 February 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 January 2021
අදත් කොරෝනා අසාදිතයන් 837 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 486 දෙනෙකු අද (31) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 31 January 2021
පොලිතීන් තහනම ගැසට් කරයි තනි භාවිත සහ කෙටිකාලින ප්ලාස්ටික් මාර්තු මස 21 වැනිදා සිට තහනම් කෙරෙමින් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කරනු ලැබ ඇත. 31 January 2021
දුම්රිය රියදුරෝ චීන මැදිරි ගෙනයෑමට බෑ කියති චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය. 31 January 2021
වරාය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම වරාය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය ගැසට් පිට ගැසට් ගැහුවත් වරාය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙනයන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය. 31 January 2021
කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට විවෘත වෙයි කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබු තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (01) සිට හුදකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි කොවිඩි-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 31 January 2021
කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත. 31 January 2021
දෛනික වැටුප 1000 කිරීමේ අවසන් තීන්දුව මේ සතියේ වතුකම්කරුවන් සදහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීම පිළිබදව අදාල පඩිපාලක සභා සමග සාකච්ඡා කර ඉදිරි දෙසතිය තුළ තීරණයකට එළැඹීමට පියවර ගන්නා බවත් එහිදී තීරණය ගන්නට නොහැකි වුවහොත් පඩි පාලක සභා සාමාජිකයන්ගේ ඡන්දය විමසීමට පියවර ගන්නා බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය. 31 January 2021
බලංගොඩ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුව වහයි බලංගොඩ මූලික රෝහලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය පිරිමි වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 31 January 2021
තවත් 882 ක් සුවය ලබා පිටව යති කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 882 අද (31) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. 31 January 2021
එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් ‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි. 31 January 2021
වරායේ උද්ගත වී ඇති ගැටලු ඉදිරි දිනවල සුබවාදීව විසඳනවා වරායේ උද්ගත වී ඇති තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සුබවාදී ලෙස විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසයි. 31 January 2021
‘ඇකිරියේ භූ කම්පනය ගැන සොයන්න කණ්ඩායමක් ‘ ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් , ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) සිදුවූ භු කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරී පිරිසක් අද (31) දින ඇකිරිය ගම්මානයට යැවීමට කටයුතු කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක ඊ එල් එම් උදයකුමාර මහතා පැවැසීය. 31 January 2021
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බලකිරීමක් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 31 January 2021
වරාය කාටවත් දෙන්නෙත් නැහැ - විකුණන්නෙත් නැහැ - බදුදෙන්නෙත් නැහැ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය. 31 January 2021
දෙමළ ජාතික සන්ධානය නිදහස් සැමරුම වර්ජනය කරන්න යයි මෙවර ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 31 January 2021
කාත්තාන්කුඩි ග්‍රාම සේවා වසම් 7ක් හුදකලාවෙන් නිදහස් පසුගිය මාස කාලයක් බලපැවැත්වෙනඅයුරින් කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද(31) සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 31 January 2021
මිනුවන්ගොඩ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වහයි කොවිඩි 19 ආසාදිතයෙකු හදුනා ගැනිමෙන් අනතුරුව මිනුවන්ගොඩ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (31) පැවසීය . 31 January 2021
කොළඹ වරායේ වෘත්තිය සටනට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහිව වෘත්තිය සමිති මව් සංගම් ගෙන යන අරගලයට සහය දීමක් ලෙස අද(31) සිට ත්‍රිකුණාමල වරාය සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත්‍රිකුණාමල වරාය සේවකයෝ පැවසුහ. 31 January 2021
මිලියන 20 කට ආසන්න කේරල ගංජා මන්නාරම් වෙරළේ මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේදී සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ කිලෝ 67 ග්‍රෑම් 500 ක් තිබී ඊයේ (30) දින සොයාගත් බවට නාවික හමුදාව පැවසීය. 31 January 2021
රත්මලානේ අංජුගේ ගෝලයෙක් එස්ටීඑෆ් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සිංහාරගේ අමල් සමින් ද සිල්වා හෙවත් රත්මලාන අංජු නැමැත්තාගේ සමීපතමයකු කේරළ ගංජා සහ මත් පෙති සමග අද ( 31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 31 January 2021
ඇකිරියට අදත් භූකම්පනයක් පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) අලුයම 2.56 ට පමණ විශාල ප්‍රමාණයේ භු කම්පනයක් සිදුවූ බව ගම්වාසීහු පිරිසක් පැවැසූහ. 31 January 2021
දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට එන්නත ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ඊයේ(30) දිනයේදී 32,539 දෙනකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 31 January 2021
අද කොරෝනා රෝගීන් 848 ක් අද (30) පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 406 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. 30 January 2021
කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ. 30 January 2021
මහ කන්නයේ වී අස්වැන්න මිලට ගනියි ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වතාවට 2020/21 මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනිම සිදුකෙරිණි. 30 January 2021
කොරෝනා මර්දන එන්නත නුවරඑළියටත් මෙරට පැතිර යන කෝවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කරන ලද කෝවිඩ් මර්දන එන්නත් නුවරඑළිය දිස්ත්‍රික්කයේදී (30) දින එන්නත් කරනු ලැබීය. 30 January 2021
කොරෝනා මර්ධන එන්නත පොලොන්නරුව මහ රෝහලටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) පොලොන්නරුව මහ රෝහලේදී ආරම්භ කරන ලදී. 30 January 2021
හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් හොරයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙමටගොඩ මහවිල උද්‍යානය අසලදී අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026