ඇමෙරිකාව නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 09 February 2021
‘කෘෘඩියා සෙලනිකා රැකගන්න අධිවේගී මග වෙනස් කරන්න බැරිද?’ කෘෘඩියා සෙලනිකා වැනි විශාල මුල් පද්ධතියක් සහිත විශාල ගසක් වෙනත් තැනක සිටුවීම දැඩි අවධානම් සහගත ක්‍රියාවක් බවත්, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා එම තීරණය ගත්තේ ස්ථාන පරීක්ෂණයකින්දැයි විමසා බැලිය යුතු බවත් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ගම්පහ දාරළුව දී අද(9) පැවසීය. 09 February 2021
කුණු අල කිලෝ 26,000ක් ගබඩාවක සුද්ධ කරන්න තිබියදී අල්ලයි පකිස්තානයේ ගෙන්වා තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල කිලෝ 26,000 ක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(9) සිය බාරයට ගෙන තිබේ. 09 February 2021
පුංචි ලෝකාන්තයෙන් වැටුණු සැලසුම් ශිල්පියාගේ සිරුර හමුවෙයි මඩොල්සිම කොකාගල පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන් වූ බව කියන පුද්ගලයා තුන් දින මෙහෙයුමකින් පසු අද (9) දින යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ මෙහෙයුමකින් පසු සිරුර හමුවු බව පොලිසිය කියයි. 09 February 2021
බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 09 February 2021
චීන දුම්රිය මැදිරි වලින් ඩිස්ක් බ්රේක් ඉවතට චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරිවල තිබූ රෝදවල සම්බන්ධක දණ්ඩට (ඇක්සලයට) සවිකර තිබූ තිරිංග (‘ඩිස්ක් බ්රේක්’) ඉවත් කර ඒ වෙනුවට මැදිරියේ රෝද වලට සෘජුවම තෙරපුම ඇති කරන තිරිංග පද්ධති (බ්රේක් ලයිනර්) සවිකිරීමට තීරණය කර තිබේ. 09 February 2021
මත් වැරදි විමර්ශන තෙමසක් තුළ අවසන් කර උදෘත එවන්නැයි පොලිස්පතිට උපදෙස් බරපතල ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අපරාධවල විමර්ශන කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කර නීතීපතිවරයාට උධෘත එවීමට දිවයිනේ සියලු පොලිස්ථානවල ස්ථානාධිපතිවරුන්ට හා විශේෂ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන්ට නියම කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. 09 February 2021
පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහර දීලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබේ. 09 February 2021
වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක් පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 February 2021
මුදල් පිළිබඳ කාරක සභාවට මන්ත්‍රී කාවින්ද ජයවර්ධන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 09 February 2021
පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය. 09 February 2021
විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 09 February 2021
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වදාකඩ නවරත්න කලුරිය කරයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුවරයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය. 09 February 2021
එන්නත් ගැන කියන කටකතා විශ්වාස කරනු එපා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන කොරෝනා එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් හෝ තබාගැනීම අනවශ්‍ය බවත් ඉන්දියාවෙන් දුන් එන්නත ආරක්ෂාකාරී බවට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් දී තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 09 February 2021
අත්තනගල්ල ප්‍රා.ලේ. කාර්යාලයේ 5 කට කොරෝනා කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා ලද අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගේ ආශ්‍රිතයින් සඳහා පවත්වන ලද පරීක්ෂණ වලින් එම කාර්යාලයේ නිලධාරීන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත බව අනාවරණය වූ බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 09 February 2021
ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 February 2021
මඩකලපුවේ-මාතලේ වසම් කිහිපයක අගුලු අරී මඩකලපුව සහ මාතලේ ග්‍රාම සේවා වසම් කිහිපයක් අද(09) උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 09 February 2021
මොරගහකන්ද කළුගඟ ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවයි පවත්නා කෝවිඩ්-19 වයිරස තත්ත්වය හමුවේ මහජනතාවගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත දැනුම්දෙන තුරු මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි. 09 February 2021
වාලම්පුරියක් කෝටි දෙකකට විකුණන්න ගෙනෙද්දී අල්ලයි දුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 09 February 2021
බෝතලයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කරලා බලන්ගොඩ සිතගල ප්‍රදේශයේ පුද්ගලයකුට බෝතලයකින් ඇණ අද (08) රාත්‍රියේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 08 February 2021
අද කොරෝනා මරණ 9 යි : ආසාදිතයන් 878 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 08 February 2021
කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (08) පැවති බව තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 08 February 2021
නිදහස් උළෙලට ආ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ 8 කට කොරෝනා 73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයන් වශයෙන් අද (8) හදුනාගත් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි. 08 February 2021
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් සිවිල් ආරක්ෂක භටයකු හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මින් ටික වේලාවකට පෙර රෝහල් ගතකර තිබේ. 08 February 2021
නෑනා පැහැරගෙන මරා දැමීමට තැත් කළ මස්සිනා අත්අඩංගුවට තම බිරිඳගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කර මරා දැමීමට සූදානම් වූ හිටපු හමුදා සෙබලෙක් ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය 24 ක් තුළදී අද (08) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 08 February 2021
බාලවයස්කාර දැරිය අපහරණය කළ හුංගම කට්ටඩියා අල්ලයි වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකරන කට්ටඬියෙකු බව කියන පුද්ගලයෙකු අද (08) හාලිඇල පොලීසිය මගින් හාලිඇල උඩකොහොවිල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 February 2021
මංගලෝත්සවයේ මනාල යුවළ ඇතුළු 136 කට කොරෝනා අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 February 2021
වවුනියාවේ එළවළු තොග වෙළඳපොළ යළි අරී පවතින කොරෝනා වසංගත උවදුර හමුවේ වසා දැමුණු වවුනියාව එළවළු තොග අලෙවි වෙළදපොළේ කටයුතු අද(08) සිට යළිත් ආරම්භ කර තිබේ. 08 February 2021
කිරි ගොවි ණය මුදල ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්න අගමැති උපදෙස් කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(08) උපදෙස් දුන්නේය. 08 February 2021
තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා අම්පාර පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි භටයින් 35 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 08 February 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026