ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුවරයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය.
මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා දූදරුවන් පස් දෙනකුගේ පියෙකි.
වදාකඩ නවරත්න මහතා දිනකර, සත්දින, මැදපෙරදිග සහ ලංකාදීප යන පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර ‘සත්දින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කලක් සේවය කළේය.
වවුල්කැලේ තීන්දුව, වැල්ලේ ලේ මල්, භීෂණයේ දිනපොත, වමේ වේදිකාවේ වෙඩි උණ්ඩය සහ තෙවන නැගිටීම යන නවකතා පාඨකයන්ට තිළිණ කළ වදාකඩ නවරත්න මහතා ‘සඳ’ නමැති කවි පත්‍රයේ කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.
ජනමාධ්‍යවේදියකු ලෙස කැපවීමෙන් කටයුතු කළ ඒ මහතා කලාභූෂණ සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය.
එක්සත් ජාතීන්ගේ සහජීවන කවි සංවිධානයේ සභාපතිවරයා ලෙස හා තම්මැන්නා කවි සංවිධානයේ අනුශාසකවරයා ලෙස ද හෙතෙම කටයුතු කළේය
දේහය මීරිගම විජයරජදහනේ 156 දරන නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වදාකඩ සොයුරාණෙනි, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!!!