අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට
ශ්රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය.