‘කුෂ්‘ සමඟ ගුවන් මඟියා අත්අඩංගුවට
රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26 ) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .