
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය නයාර් නසීර් මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් පකිස්ථානු මහ කොමසාරිස්වරයා කීවේ ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්නට සූදානම් බවයි.
" පකිස්ථානය සහ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටවල්.රටවල් දෙකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගැනීමේ හැකියාව තියෙනවා. පකිස්තානය කියන්නේ ලෝකයේ පස්වෙනි තැනට සත්ව නිෂ්පාදනය පැත්තේ ඉන්න රට. කිරි නිෂ්පාදනය අතින් පස්වෙනි තැන ඉන්නවා. ඒ නිසා රටවල් දෙක අතර ඒ පැත්තෙන් සම්බන්ධතාවයක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා යනුවෙන්ද පකිස්ථාන මහ කොමසාරිස්වරයා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසූයේ පකිස්ථානය යනු දේශපාලනමය වශයෙන් ලංකාවට කිසිදු අවස්ථාවක බලපෑම් නොකළ රටක් බවයි.කිසිම වාසියකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීම සම්බන්ධයෙන් සහ දේශපාලන වාසි ලබා නොගැනීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd