
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසීය.
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධා සහ එම බාධා ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කාරක සභාවට මෙහිදී කරුණු ඉදිරිපත් කර අැත
කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව සම්මත කර දෙන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුද සහ සාමාජික මන්ත්‍රීවරැන්වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ
ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා ඊට සහභාගි වූයේ මාර්ග ගත ක්‍රමයටය.
පළාත් සභා ඡන්දය වසර දහයකට වැඩි කාලයකින් පවත්වා නොමැත. මේ හේතුවෙන් පළාත් සභා නවයම පවතින්නේ අාණ්ඩුකාරවරැන්ගේ පාලනය යටතේය.
මේ හේතුවෙන් පළාත් පරිපාලන කටයුතු රැසකට බාධා මතුව අැති බව කියති.
පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පසුගියදා අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ එම ඡන්දය මේ වසරේ නොපවත්වන බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd