(විමුක්ති එස් රුද්‍රිගු)

මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් සිදුකරනු ලබන විග්‍රහයන් සම්බන්ධයෙන් නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය,

මහ බැංකුව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යන කරුණු තාක්ෂණික දැනුමකින් යුතුව විග්‍රහ කළ යුතු බවය.

තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන් විසින් මේ දිනවල ඒ පිළිබඳව නිකුත් කරනු ලැබ ඇති නොමගයවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.