
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000 කට ආසන්න ප්‍රමාණයක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර ඇති අතර, ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩ කඩ සහ අරමුදල් සලසා ගැනීම පිණිස එම වී තොගයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉතිරිය අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රම වේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd