මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්ර දිරන්න දාලා
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්රාංගනයේ කෝටියකට වැඩි ටග් යාත්රා තුනක් සහ බත්තල් හයක්ද මුල්මුඩේ යන්ත්රාගාර පරිශ්රයේ තිබුණු වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්රාගාරයේ තිබූ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්රයක්ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.