IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශෂි වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි

(රෝෂන් තුෂාර)

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර්  මස 11දින සිදු කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද(01) දින නියම කළේය.

 නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක  සොලිසිටර් ජනරාල් දිරීප පීරිස් මහතා  විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින් පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා ඇත.‍ෙරාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ  උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.



අදහස් (3)

ශෂි වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි

අරවින්ද මොණරවිල Tuesday, 01 July 2025 10:49 AM

ඊයේ පෙරේදා මෙයාගේ මනුස්සයා මාධ්‍යට ඇවිල්ලා බඃ බඃ ගෑවේ ඒ නිසා වෙන්න ඇති !

:       0       10

මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 11:31 AM

විරුද්ධව කතා කළොත් එක්කො එළොව නැත්නම් නඩු. අපි එහෙමයි සහෝ. සියලු මාලිමා ගත්තන් විසිල් ගසත්වා. මේ නඩු තියෙන්නෙ අදින්න ආයෙ දාන්න.

:       10       1

රුවන් Tuesday, 01 July 2025 04:04 PM

අපේ නෑයෙක් හින්දා දන්නවා විමලයට වඩා ගෑනි වයසයි කියලා. ඕක උප්පැන්න වෙනස් කරාම රටම දන්නවා. ඊට වඩා හොඳ නැද්ද නමයි ගමයි වෙනස් කරලා ප්ලාස්ටික් සැත්කම් කරලා හිටියා නම්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site