IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රටවල් 13ක රැකියා සඳහා විදේශ ගතවීමේ නීතිය අද සිට

(අංජුල මහික වීරරත්න)

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රි ලංකා දූත මණ්ඩල වල පිහිටි කම්කරු හා සුබසාධන අංශ මගින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් ඇමරිකා ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටළුවලට පිළියමක් ලෙස ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.



අදහස් (3)

රටවල් 13ක රැකියා සඳහා විදේශ ගතවීමේ නීතිය අද සිට

වලිසුන්දර Tuesday, 01 July 2025 02:42 PM

එතනත් සල්ලි අරගන්න එක විතරක් කරලා වගවීමෙන් නිදහස් වුණොත් මේකත් නිකම්ම ඉපයීමේ ව්‍යාපාරයක් වෙනවා...

:       3       14

mangala Tuesday, 01 July 2025 02:53 PM

රට යන එක එපා කරවන එකයි තව කීයක් හරි අසරණ මිනිස්සුන්ගෙන් කඩාගන්න එකයි හැර වෙන මොකක්ද මේකෙන් වෙන්නේ? මේ නිළධාරීන් නම් රටට පිළිලයක්.

:       4       13

ශාන් Wednesday, 02 July 2025 06:02 AM

ඇත්තටම ඒ ඒ රටවල ශ්‍රි ලංකීය දූත මණ්ඩලවලින් කරුණු හොයා බලලා හරියට කරනවා නම් මේක හොඳ වැඩක්. එක එක බොරුකාරයන්ට අහුවෙලා රට යන එක නවත්තගන්නත් ඒ මඟින් ඒ ඒ පුද්ගලයාගේ මුදල් හා ජිවිතය රැක ගන්න පුළුවන් වෙයි. ඩොලර් 60ක් වගේ නෙමේ බොරුකාරයන්ට අහුවුනාම. පාස්පෝර්ට් එකේ ඩිපොර්ට් ගහගෙන නැත්තන් මිනිස් ජාවාරම්වලට අහුවෙලා ජිවිතයත් අවදානමේ දාගෙන තමයි නවතින්නේ. ආණුඩුවලින් NGOවලින් සැහෙන්න මුදල් වියදම් කරන්න වෙනවා ඒ අයව බේරගන්න. ඒත් ලංකාවේ ගොඩක් දෙනා තාවකාලික සංචාරක විසා හරහා යනවා රැකියා විසාව රටට ගිහින් හදලා දෙනවා කියන පොරොන්දුව මත. ඒ අයව මේ ක්‍රමය මඟින් ආවරණය වෙන්නේ නැ. ගොඩක් රටවලින් ලංකාවට විසා නොදෙන්නේත් ලංකාවේ පාස්පොර්ට් එක ලෝකේ ඉතාම දුර්වලම එකක් වෙලා තියන්නෙත් මේ හේතුව නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site