
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා ජනතාවට දැන ගැනීමට අවශ්‍ය බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවද ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අයිඑම්එෆ් 4 වැනි වාරිකය ලබා ගැනීමට කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා බලයට ආවා නම් බලාගන්න තිබුණා කෙරුවාව.
දැන් නම් මෙයාගේ මොලෙත් හොඳටම නරක් වේගෙන එන්නේ... ඔය මෝඩ චූන් කතා කියලා තවත් නෝන්ඩි වෙන්නේ වෙන්නේ නැතිව හිටියා නම් හොඳයි... නැතිනම් වෙන්නේ තව පල්ලයට යන එක තමයි.
ඔහේ බලයට ආවා නම් පවුල පුම්බන්නම විශාල ධනස්කන්ධයක් මේ වෙනකොට ඉවරයි.
අපි කැමැත්තෙන් ආණ්ඩුව පත්කරගත්තෙ. මුලා වෙලාද නැද්ද කියල අපිට තේරෙනව. ඔයාට තේරෙන්න නෑ, ඒ වගේම අපි ඔයාගෙන් ඇහුවෙත් නෑ. යාලට ගිහිං කොටියෙක් බලාගෙන ඉන්න.
අවුරුදු 76 ක්ම රැවටුන අපිට මේ මාස 7, 8 මොකද්ද. පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න. තිබුනට වැඩිය දැන් ගොඩක් හොදයීනේ.
ඒකනෙ... අර හොර සල්ලි නඩුව තාම නෑනෙ.