
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව මගින් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන උපාය මාර්ගික සැලසුම සකස් කිරීමේ 3 වැනි වැඩ මුළුව සහාභාගී වෙමින් ඒ මහතා එසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා මෙසේද ප්‍රකාශ කළේය.
දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියල හිතෙනවා . පළාත් පාලන ආයතනවල වගකීම පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම බොල් පිළිම සහ ගල් පිළිම කැරකි කැරකි තියෙනවා .
මැතිවරණ කොමිසම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කර ගැසට් කිරීමට . පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා , උප සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතෙ විදිහට කොමසාරිස්ට ඇති බලයට අභියෝග කිරීමට කාටවත් බැහැ. කොමසාරිස්වරයාගේ අභිමතයට තීරණ ගැනීමේ හැකියාවට නෛතික වශයෙන් කිසිදු බාධාවක් නැහැ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ආණ්ඩු හැමදාම තියෙන්නේ නැහැ... පෙරලෙනවා. රජයේ සේවකයා ගැති නොවී සිටිය යුතුයි... මොන පැත්තකටවත්. විශ්‍රාම ගිහින් ඕනෑ එකක්. දේශප්‍රිය මහත්තයාගෙන් ඉගෙන ගන්න.
පලාත් පාලන කොමසාරිස් පක්ෂග්‍රාහී වුනොත්, ඒකත් නීතියට අනුකූලද?
කොමසාරිස්තුමෝ ඡන්දහිමි නාමලේඛනයේ ගෘහමූලිකයා හැටියට සිටිය යුත්තේ පවුලේ පියා හෝ මව කියලා අපි පිළිගෙන තිබුණා.. නමුත් මෑතක සිට අලුතින් නම එකතුකල බාලම අයගේ නාම ලේඛනයේ මුලින්ම දැක්වීමට මැතිවරණ කාර්‍යාලයේ පරිගණකයේ ෆිල්ටර් කිරීමට නොදන්නා නිළධාරි කටයුතු කරනවා. නැත්නම් පරිගණක වැඩසටහන් සැකසීමේදී එවැන්නකට ඉඩ අසුරා ඇති. මෙම නිසා පවුලේ වැඩිහිටියන්ට සැලකීම මැතිවරණ දෙපාර්තමේන්තුව අනුමත කරනවාද කියලා සැකයක් ඇතිවෙනවා...
ඔක්කෝටම කලින් මැතිවරණ කොමසාරිස් අපක්ෂපාතී විය යුතුයි. උසාවිය විසින් තීරණය කල යුතු දෙයක් මෙතුමා තීරණය කරලා.
මේක සාවද්‍ය අර්ථකතනයක්. අභිමතය පාවිච්චි කල හැක්කේ නීතිය නිහඩ නම් පමණයි. අභියෝග කල නොහැකි අභිමතයක් ජනපතිටත් නෑ. මතකද මෛත්‍රීගේ අගමැති අභිමතය!
චන්ද පෙට්ටි උස්සලා... ඒවා කැලේට විසිකරලා, තමන්ගේ පක්ෂෙන් ඒවා පුරවපු කාලයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ ... මතකද?
මේ අය ඔක්කොම බොල් පිළිම නැත්තන් ගල් පිළිම තමයි.
මොනවද මේ 'ගල් පිළිම බොල් පිළිම ' කතා? තමුන් ඉන්නෙ අපක්ෂපාතී ධුරයක කියලා දන්නෙ නැද්ද පක්ෂග්‍රාහී කතා කියන්නෙ? ඉස නිකට පැහුණෙ ඉඩෝරයට ද?
මෙච්චරකල් හුබහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ හිටපු එකා, තව් talk දෙන්න පටන් අරගෙන ! රැවුල සුදු එළුවා හිතාගෙන ඉන්නේ මැකෝ තමයි පොර කියලා ! ඔයිට වැඩිය ලොක්කෝ , නිතිය ඉස්සරහා දෙකේ කොලේට වැටිලා තියනවා, රැවුල සුදු එළුවෝ !