නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක් දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු ’’සත්‍ය ගවේෂකයෝ සංවිධානය’’ අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ. 11 December 2018
රාජ්‍ය නිලධාරීන් 5 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන යෝජනාවක් අග්‍රාමාත්‍යධුරය දැරීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇති හෙයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ප්රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත් ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 09 December 2018
මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක් රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය. 06 December 2018
මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක් ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි. 04 December 2018
'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’ රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 04 December 2018
ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04 ) පැවසීය. 04 December 2018
දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය. 04 December 2018
ශ්රව්යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණියේය. 02 December 2018
භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත්සරය වෙනුවෙන් මේ දිනවලදී පැවැත්වෙන පිංකම් මාලාව ආරම්භ කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට භික්ෂූන් වහන්සේලා 143 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (29) පැවැත්විණි. 29 November 2018
මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. 27 November 2018
වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව අයදී එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය. 26 November 2018
මට වුණ වැරැද්ද නිවැරදි කරන්නේ කවුද’යි ඥානසාර හිමියෝ අසති “මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කරලා තියෙනවා. ඒක නිවරැදි කරන්නේ කවුද? නිවරැදි කරන්නේ කොහේදී ද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක නිවරැදි කරන්න කටයුතු 26 November 2018
වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින් ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය. 26 November 2018
රනිල් අගමැති නොකරන බව ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියයි රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතේට අගමැති පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම අගමැති ධුරයට යෝජනා වුවහොත් ඔහුවද අගමැති ලෙස පත් නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය. 25 November 2018
රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 November 2018
අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 25 November 2018
යෝෂිත එෆ්සීඅයිඩියට යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25) පැමිණියේය. 25 November 2018
අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය ජනතා කැමැත්ත බැලීමයි රටේ ඇතිවී ඇති අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) බෙලිඅත්තේදී පැවැසීය. 22 November 2018
කෘෂි-අපනයන බදු සහන රැසක් හෙට ප්‍රකාශයට කෘෂිකාර්මික හා අපනය ක්ෂේත්රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 22 November 2018
‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි තීරණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (18) පැවසීය. 18 November 2018
‘‘ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජවිපෙට පමණයි‘‘ අශිෂ්ටත්වයට පත්වූ ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2018
වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි ‘මම පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. 14 November 2018
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 14 November 2018
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 November 2018
තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 05 November 2018
‘මහින්ද අගමැති ලෙස පිළිගෙන ඇති කතානායකට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි‘ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (05) පැවසීය. 05 November 2018
බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගත්හ. 05 November 2018
රතන හිමිගේ සහය ආණ්ඩුවට රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 November 2018
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
අග්නිදිග සරසවියේ අර්බුදය අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ අර්බුදයට වසරක් ගත වී ඇතත් තවමත් එය නිමවෙන පාටක් පනෙන්නට නැත. මේ වන විට තාක්ෂණ පීඨ සිසුහු කොළඹ නගර ශාලාව අසල අට්ඨාලයක් බැඳ සත්‍යග්‍රහයක නිරත වී සිටිති. කොළඹ දී මෙන්ම ඔළුවිල්හිදී ද උද්ඝෝෂණ පවත්වති. 22 August 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026