(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප්රතික්ෂේප කළ නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (05) පැවසීය.
තමන් ඇතුලූ පිරිසට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කතානායකවරයා විසින් නියම කර ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්දු‍්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
‘‘දැනට අරලියගහ මැදුරේ නීති විරෝධිව රැදි සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ පිරිසට එසේ සිටිමට ඉඩකඩ දී තිබෙන්නේ අපේ නිතිය අසරණ වී තිබෙන නිසා නෙමෙයි. හදිස්සියේ එතුමා පිට කිරීම ඒ තරම්ම චාරිත‍්‍රානුකූල නොවන නිසයි.
මේ වෙච්ච බල පෙරලිය ජනතා බලයේ මහිමයෙන් සිදුවූ දෙයක්. මේක හදිස්සියේ සිදුවුවාට කාළයක් තිස්සේ සිදුවූ සිද්ධි දාමයක් වනවා. පෙබරවාරි 10 පැවති පළාත් පාළන ඡුන්දයෙන් හිමිවූ ජනවරමත් එක්ක මේක ආරම්භ වුනා.
මේක ව්‍යවස්ථානුකූලද නීත්‍යානුකූලද කියලා එක්සත් ජාතික පක්ෂය විමසිමක් කරනවා. එක්සත් ජාතික පක්සයේ ප‍්‍රකාශයට අනුව එය අපිට තීන්දු කරන්න බැහැ. මේක තීන්දු කරන්න පුලූවන් එක්කො අධිකරණයටයි.
අනික් පැත්තෙන් මුලූ රාජ්‍ය යන්ත‍්‍රණයම මේ අලූත් ආන්ඩුවේ උපදෙස් අනුව කටයුතු කරමින් සිටිනවා. මෙතනදි ඒකත් එක පරීක්ෂණයක් වනවා.
නීත්‍යානුකූල භාවය පිලිගන්න නිසා තමයි රාජ්‍ය යන්ත‍්‍රණයේ අනුකූලත්වය ලැබී තිබෙන්නේ. ඒක පිලිගන්නේ නැත්නම් අධිකරණයකට යා යුතුයි.
මේ රජය ජනාධිපතිවරණයත් මහ මැතිවරනයත් යන දෙකම නොපවත්වා කල් දැමීමේ උපක‍්‍රමයක් රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව කටයුතු කරමින් සිටි බවට අපිට තොරතුරු ලැබී තිබුණා. මේ අයට ඡුන්දයකට මුහුණ දෙන්න විදියක් නැහැ. ඒ නිසා ඡුන්ද නොපවත්වන ආන්ඩුවක් කොහොමද හදාගන්නේ කියන එක වික‍්‍රමසිංහ මහතාගේ ඊළඟ වුවමනාව වී තිබුණා.
ජනාධිපති ඝාතන සැළැස්ම මගින් ඔහු තනි බලයක් ඔහුගේ අතට ගැනීමට සැළසුම් කළාය කියන සැකය අනික් අතට තියෙනවා. මේ අවදානම් තත්වයන් මගඇරවා ගැනිමට අවශ්‍ය නිසා ජනාධිපතිවරයා තීන්දු කලා ව්‍යවස්තානුකූලව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බලය නැති කරන්න. ඒ මගින් මේ රටේ අතිවෙන්න ගිය අවධානමක් නැති කරලා තියෙනවා.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සැළසුම් තවදුරටත් මේ රටේ ක‍්‍රියාත්මක වුනොත් මේ රටටත් පොදු ජනතාවටත් විශාල අහේනියකට සහ අවාසනාවකට මුහුන දෙන්න වෙනවා. ඔහු බලාපොරොත්තු වූ පිම්ම පනින්න අපි ඉඩ ලබාදුන්නේ නැහැ. කොළඹට රැස් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒකට සාක්ෂි දරාවි’’ යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසිය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අර භාවිතා කරපු කර්ණ රසායන වචන ටික තවදුරටත් අසභ්‍ය ඒවා නෙවේ කියලා භාෂා පනතක් 14 වෙනිදාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අදහසක් එහෙම නැද්ද? බන්දුල ගුණවර්ධන මහත්තයා උදව් කරයි. එයානේ ඒවායේ සැබෑ තේරුම... නියම ආකාරයට මුළු රටටම විග්‍රහ කරලා දුන්නේ...
අනේ සිරිමල්...!!! මේ වෙලේ තිබෙන ලොකුම අවුල ඕකද? නිකන් 2.50 ට කහින්නේ නැතුව ඉන්න මේ අසථාවරභාවයට තාර්කික කරුණු ගොනුකරන්න.
දැන් මෙයා ඇමති නිසා විග්නේෂ්වරන් මස්සිනාට රජ මගුල් ඇති. රටම අනතුරේ !
නීතිය අසරණ වී නිසා තමයි ඔයා නියෝජනය කරන එ්කාබද්ධයේ බොහෝ පිරිස් අද නිදැල්ලේ ඉන්නේ... මේක බලපෙරලියක් නොවේ. බල කුමන්ත්‍රණයක් සහ බල හොරකමක්...
ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු අය ඉන් පිටත එක්රැස්වෙලා ව්‍යවස්ථා ගැන කතා කරනවා. ඕක සාකච්ඡා කරන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළට ගිහින් නොව නේද?
වැඩි මන්ත්‍රීන් පිරිසක් සිටින කෙනා නේද අගමැති වියයුත්තේ...? පැරණි කියමනක් තියෙනවනේ කන්න හිතුණාම කබර ගොයත් තල ගොයා වෙනවා කියලා..
ඔය පත්වීම් ගත්තු කිහිපදෙනෙක් 14 වෙනිදාට කැමැත්ත පල කරන්නේ අගමැති රනිල්ට පත්වීම් ලබාගත්තා කියලා මහින්දට කැමති නැහැ. පත්වීම ආපසු ගන්නත් බැහැ. ව්‍යවස්ථාවට. අනුකූලව නෙමේනේ... මහින්ද පත්කෙරුවේ. සිරිසේනගේ කැමැත්තට මේ කට්ටිය ජනතාවට වැඩකරන්න පත්වීම් ගත්තේ... එහි තේරුම මහින්දට කැමතිබව නෙමේ. පත්වීම් නැවත ඕනෑ නම් මහින්දගේ පත්වීමත් නැවත දී ජනතාවගෙන් අවසර ගන්න. නැවත අගමැති, ජනපති දෙන්න. අලුතින් පත් කරන්න. සිරිසේන කොහොමත් ගෙදර යවන්න. ඕනෑ.
මේ කුණුහරුප කාරයා දන්නා නීති... මේ නාකි මිනිස්සු එලවලා තරුණ අය ටිකක් ගන්න ඕනෑ රට පාලනය කරන්න...
නීතිය දන දැනත් බොරු කියන හැටි.....