(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.
එක් කඩතොලුවක් වසාගන්නට ගොස් කඩතොලු දෙකක් හදාගත් පොළොන්නරුවේ සහ මැද මුලනේ ආචාරීන් දෙදෙනා රටේ කීර්තිය සහ අභිමානය වනසන අතර, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩතොලු කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා මේ ක්‍රියාව නිසා එක්සත් ජාතික පක්ෂයේ කඩතොලු සියල්ල වැසී ගිය බවද කීය.
ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න හෝ ජනක බණ්ඩාර තෙන්නකෝන් රූකඩ අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ආරංචි බවද නලින් බණ්ඩාර මහතා පැවැසීය.
නලින් බණ්ඩාර මහතා මේ අදහස් පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
( වීඩියෝ සහ ඡායාරූප -ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා