IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින්

                                                         

(මුදිතා දයානන්ද)


ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ ඉදිරියේදි පැවැත්වෙන  මහමැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ ඇති කරගන්නා පෙරමුණු වලින් තරඟ වැදීමට ජවිපෙ සුදානම් දැයි පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන හා විද්වතුන් කලාකරුවන් එකතු කරගත පුලුල් පෙරමුණක් ලෙස ඉදිරි මහමැතිරවණයකදි තරග වදින්නට බලාපොරොත්තු වන බවද පැවසිය. 

එහෙත් එහිදි තම පක්ෂයේ ලකුණ වෙනස් කිරීමේ බලාපොරොත්තු නැති බවද අනෙකුත් දේශපාලන පක්ෂවල ප‍්‍රගතිශීලි හා වාමාංශික මතයන් දරන අයටද තමන් සමඟ එකතු විය හැකි බවද හේරත් මහතා තවදුරටත් පැවසීය.

 

( වීඩියෝ  356)



අදහස් (18)

වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින්

ගල්කටස් Monday, 26 November 2018 08:38 AM

සීනුවෙන් අාවත් ඝණ්ටාරෙන් අාවත් මෙ පාර නම් ඉවරයි. ඔයාලා රතු අලි බව ජනතාව දැන් අවබොධ කරන් ඉන්නෙ යු.එන්.පි .එකට දුන්නත් වමෙ පාවෙන ඡන්ද ඔයාලට නමි දෙන්නෙ නැහැ නැහැම තමා...

:       2727       3207

vindika Monday, 26 November 2018 09:14 AM

ජයවේවා!!! රට පෙරට ගෙනියන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ...

:       755       635

Sanath KandyMonday, 26 November 2018 11:31 AM

මේ අර්බුධකාරී අවස්ථාවේ ජවිපෙ ඔවුන්ගේ දේශපාලන පරිනත භාවය හොඳින් පෙන්නුම් කළා. බුද්ධිමත් ජනතාවගේ තේරීම ජවිපෙ.

:       13       18

කමනි - මොනරාගල Monday, 26 November 2018 12:41 PM

ඓතිහාසික රතු බලවේගය පාවාදුන්නෝ. ලැජ්ජා නැතිව කතාකරන හැටි.. වරෙල්ලා ඡන්දෙ ඉල්ලගෙන ... සහෝදරයා සහෝදරී කියාගෙන...

:       52       176

සේනක Monday, 26 November 2018 10:19 AM

සමාජවාදී රතු අලි පැටවුන් මෙදාපාර සීනුව එල්ලගෙන ආවත් මහත්තුරු ටික ගෙදර යවන්න බලාගෙන තමයි ඉන්නේ. සහෝදරයින් ටික මෙදාපාර තමයි ජනතාවගෙන් ඉතිහාසයේ කවරදාකවත් ඉගෙන ගත්තේ නැති පාඩමක් ඉගෙන ගන්නේ. මෙදාපාර නම් ජනතා විමුක්ති පෙරමුණට අඹ සරණයි.!!! රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයින් කියලා හිතන්න එපා. එදා 88,89 කාලයේ හිටිය ජනතාවට වඩා අද ඉන්න ජනතාව තමුන්නාන්සේලාට වඩා බුද්ධිමත් කියලා මතක තියාගත්තොත් හොඳයි. රටේ වෛරී දේශපාලනය වපුරලා දැන් ඉතින් තමුන්නාන්සේලා ජනතාව අතරට යන්නේ රෙදි ඇඳගෙනද කියලා දැනගන්න කැමතියි.

:       479       618

jaya Monday, 26 November 2018 10:27 AM

ජයවේවා!

:       730       281

සේනක Monday, 26 November 2018 03:23 PM

භංගවේවා !!!

:       0       117

rattho Monday, 26 November 2018 11:56 AM

අපි ජවිපෙ එකට.

:       116       2

daya Monday, 26 November 2018 12:59 PM

ජවිපෙට අබ සරණයි.

:       0       130

samank Monday, 26 November 2018 01:12 PM

වෙනත් සබඳතා කීවේ ඩොලර් වලින් ඇති වූ සබඳතා වෙන්න ඇති....

:       0       5

නිමල් Monday, 26 November 2018 01:46 PM

තම අනන්‍යතාව රැකගෙන පක්ෂයේ ගරුත්වය රැකගෙන රටේ මේ ඇතිවී ඇති ව්‍යවසනය නැතිකර දැමීමට ජනතාවට හෙට ගැන බියකින් තොරව ජීවත් වීමට ඔබගේ දේශපාලන ශක්තිය යොදවන්න කියා ජවිපෙ නායකත්වයෙන් අපි ඉල්ලා සිටිමු.

:       100       3

Appuhami Monday, 26 November 2018 01:56 PM

අලියගෙන්ම ඉල්ලුවා නම් ඉවරයිනේ...

:       0       24

Ajith NissankaTuesday, 27 November 2018 06:29 AM

අලියාගේ හෝ රජ පවුලේ හවුල සමග එකතු නොවී ආසන 5 ක් ගත්තත් හොදයී! හොරුන්ව බලයට ආයෙත් පත් කරගෙන කට්ටිය මෙතන විලාප තිය තිය වැකි පල කරන හැටි බලන්න මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ.

:       0       2

සේනක Tuesday, 27 November 2018 07:47 AM

ඔය කොහොම වුණත් පවතින රජයට කඩේ යන එක විතරයි මේ රතු අලි පැටව් දේශපාලනයට ආපු දවසේ ඉඳන් ඕවට තමයි දක්ෂතා දක්වලා තියෙන්නෙ.

:       0       0

smith Monday, 26 November 2018 02:06 PM

සීනුව අලියාගේ පස්සේ එල්ලන්න. එනවා මෙතන ජනතාව අන්දන්න! නාලා එන්න මහත්තයෝ ජනතාව බලාගෙන ඉන්න දෙන්න කොහු ඉදල් පාර...

:       0       116

විජය ෙප්‍ර්මදර්ශන Tuesday, 27 November 2018 08:10 AM

ජ වි පෙ මන්ත්‍රීවරු 06 ෙදනා ගැන අපට අාඩම්බරයි මුදලට පක්ෂය මාරු නොකරන සත්‍යය කථාකරන විනයගරුක කණ්ඩායම ඔබලාෙග් කණ්ඩායම පමණයි ජයෙව්වා!!!

:       0       0

saman Tuesday, 27 November 2018 11:53 AM

මෙයා හරියට චන්ද ටික වත් ගත්ත කෙනෙක්ද?

:       1       15

කමල් Wednesday, 28 November 2018 11:05 AM

දන්නේ නැද්ද? ඡන්ද 55000 ක් ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2123 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 683 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 740 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site