‘‘වත්මන් ආණ්ඩුව ගුරුවරයාගේ බඩට ගහලා‘‘ යහපාලන ආණ්ඩුව ලාභ ලබන ආයතනවලින් වැට් බදු ලබාගෙන ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීමට මූලික පියවර තැබූ නමුත් වත්මන් ආණ්ඩුව පැමිණි සැනින් වැට් බද්ද කප්පාදුකර ලොකු මිනිසුන් ආරක්ෂා කොට ගුරුවරයාගේ බඩට ගසා ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් 14 October 2021
‘‘තෙල් ටැංකි ගිවිසුම ගැන ඇත්ත කියන්න‘‘ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2021
එජාප වැඩ ගොඩක් ’’ඔන්ලයින්’’ වෙයි කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට 04 September 2021
ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය. 21 August 2021
‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘ කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය. 11 August 2021
‘‘කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි‘‘ වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 08 August 2021
එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතු කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 31 July 2021
‘‘රජය කොතලාවල පනත ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළ යුතුයි‘‘ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ආණ්ඩුව වහාම සාකච්ඡා කළ යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 28 July 2021
‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 16 July 2021
මංගලගෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකය අගාධය කරා වැටෙමින් ඇතයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 July 2021
‘‘රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක්‘‘ රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමෙන් එය නොවිසදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පමණක් මෙම ගැටලු විසඳා ගත හැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 06 July 2021
ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විපක්ෂ නායකගේ විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් පවතින බවත් ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 04 July 2021
’’ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නෑ’’ විදේශයන්ගෙන් ගත් ණය මුදල් හා ඒවායේ පොලිය ගෙවීමට කිසිදු ගැටළුවක් නැති බවත් මේ මාසය අවසානයේදී ඒ මුදල් ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 02 July 2021
‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘ කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 01 July 2021
‘‘රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙනවා‘‘ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 21 June 2021
‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘ චීන කොමියුනිස්ට් පක්ෂය සිය රට කෘෂිකර්මාන්තයේ සිට කාර්මික කරණය කරා ගෙන ගියේ ලෝක ආර්ථිකයෙන් ඈත්වී නොව ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීමෙන් යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 18 June 2021
සත්ත්ව පොහොර අලෙවියට මඟක් කාබනික පොහොර නිෂ්පාදනය කළ නොහැකි ගොවීන්ට තම ගොවිපළ තුළ එකතු වන සත්ත්ව පොහොර තම කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී එමඟින් අමතර ආදායමක් උපයා ගත හැකි ක්‍රම වේදයක් සකස් කර ඇතැයි පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි. 17 June 2021
අලි වන්දිය ’’ වැඩි කිරීමට යයි වන අලි පහරදීමකින් මියයන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දෙන රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2021
‘ එන්නත් ලබාදීමේදී ආයෝජන කලාපවලටත් ප්‍රමුඛතාව දෙන්න‘ දිවයින පුරා සියලුම ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට කොවිඩ් මර්දන එන්නත විශේෂ ප්‍රමුඛත්වයදී ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්රීනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය. 12 June 2021
‘‘කාබනික පොහොර ජනප්‍රිය කරන්න පක්ෂ විපක්ෂයේ හැමෝම එක් වෙමු‘‘ කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙලට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 08 June 2021
‘‘රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න‘‘ ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා ’’ගැසට්’’ ගැසීම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 03 June 2021
‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘ කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 31 May 2021
සමෘද්ධි නිලධාරීන්ට එන්නත නැත්නම් රාජකාරියෙන් ඉවත්වෙනවා සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 20 May 2021
ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට ‘කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 20 May 2021
වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 20 May 2021
රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත් රනිල් - මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව නැවත ගෙනත් තිබෙනවා. එදා පනත ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වෙනත් පාර්ශ්වයන්ගේ අරගල මගින් පරාජය කළා සේම මේ පනත ද පරාජය කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. 17 May 2021
‘‘හැම පනතකටම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ‘‘ රටේ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතිද්දීත් වරාය නගර පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මේ අවස්ථාවේ රටට ආයෝජන ලබාගැනීම ඉතා වැදගත් නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17) පැවැසීය. 17 May 2021
‘‘ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට ජනතාව ඉන්නේ ලොකු අවදානමක‘‘ කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට එන විට ද්විත්ව පුරවැසියන්ට රටින් පැන දිවි බේරා ගන්නට හැකියාව තිබුණ ද ශ්‍රී ලාංකේය පුරවැසියන්ට පැන යන්නට තැනක් නැති හෙයින් ආණ්ඩුව දැන්වත් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම බාරගත යුතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි 17 May 2021
‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘ අධිකරණ නියෝගය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන් කටයුතු කළ යුතු යැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. 17 May 2021
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද ඒ සම්බන්ධ වාර්තාව ලැබුණ වහා එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 27 April 2021
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026