
(අංජුල මහික වීරරත්න)
යහපාලන ආණ්ඩුව ලාභ ලබන ආයතන වලින් වැට් බදු ලබාගෙන ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට මූලික පියවර තැබූ නමුත් වත්මන් ආණ්ඩුව පැමිණි සැනින් වැට් බද්ද කප්පාදුකර ලොකු මිනිසුන් ආරක්ෂා කොට ගුරුවරයාගේ බඩට ගසා ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ආණ්ඩුව අද පහර පිට පහර ගසන්නේ ඔවුන් බලයට ගෙන ඒමට මූලික වී ඡන්දය දුන් රාජ්‍ය සේවකයන්ට මෙන්ම ගුරුවරුන්ට බව කී කාරියවසම් මහතා අද මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වසර එකහමාරකින් දෙකකින් පමණ ආපස්සට හරවා තිබෙන හෙයින් දෙපාර්ශවයම මැද තැනකට පැමිණ ප්‍රශ්නය විසඳාගත යුතු බවද සඳහන් කළේය.
“බලයට පත්වූ ආන්ඩුවක් අඩුගණනේ ජනතාවට කාලා ඇඳලා ජීවත් වී ඉන්න වත් මූලික අවශ්‍යතා සම්පාදනය කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුවට එය වත් කරන්නට නොහැකි වී තිබෙනවා.අද සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමට ලක්ව තිබෙනවා” යනුවෙන්ද කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
බලයට පත්වූ ආන්ඩුවක් අඩු ගණනේ ජනතාවට කාලා ඇඳලා ජීවත් වී ඉන්න වත් මූලික අවශ්‍යතා සම්පාදනය කළ යුතු.මේ අවස්ථාවේ ජනතාවගේ බලාපොරොත්තුව ලංකාවේ පුර්ණ දේශපාලන වෙනසකි
මේ ආණ්ඩුවට කරන්න නොහැකි දේවල් වෙනුවට ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට කරන්න හැකිවුණු ඒවා කියන්නකෝ බලන්න
ඔබේ ආණ්ඩුව 2015 ඉඳලා වසර 4.5 බලයේ සිටිද්දී ඔය ප්‍රශ්නය විසඳන්න බැරිවුනේ මොකද. එහෙනම් මේ වෙලාවේ කවුරුත් වැඩ වර්ජන කරන්නෙත් නෑ කාගෙවත් බඩට වදින්නෙත් නැහැ නේද. තමුන් අධ්‍යාපන ඇමති හැටියට ඔය දේ කරන්න බැරිවුණා නම් කෝවිඩ් තියා මොන කරදරයක් වත් නැති කාලේ, මේ වගේ වසංගත තත්ත්වයක් තියෙද්දී කොහොමද කරන්නේ.
බඩට නොවෙයි ගහන්න ඕනේ පස්ස පැත්තට.
ලංකාවේ දේශපාලනය කොහොමද තියෙන්නේ කියල මේ කතාවෙන්ම තේරෙනවා. හිටපු අධ්‍යාපන ඇමති තමන් විසඳපු නැති ප්‍රශ්නයක් ගැන මේ ආණ්ඩුවට කොරෝනා උවදුර අස්සේ චෝදනා කිරීම කොතරම් ප්‍රාථමිකද?
විපක්ෂයේ ඉන්නකොට කවුරුත් වර්ජකයින්ට ආදරෙයි.
සාපේක්ෂව හොඳ ඇමතිවරයෙක්